Colombo Today Local News

“අලුත් ව්‍යවස්ථාවක් ගෙනත් බලය බෙදන්න මේ හොදම වෙලාවයි“ – සරත් විජේසූරිය

“අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය“ නමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ආරම්භ කළ ව්‍යාපාරයේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමෙන් මෙරට පවතින ගැටළුවලට ස්ථීරසාර විසදුමක් ලැබෙන බවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සහය නොමැතිව එලෙස නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කිසි සේත් නොහැකි බවත් මහාචාර්යවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙම සම්මන්ත්‍රණයට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග, දඹර අමිල හිමි, ගාමිණී වියන්ගොඩ, කේ.ඩබ්ලිව් ජනරංජන, බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන සාමාජිකයක් පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

Related posts

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

ඉල්ලා අස්වීම ජනපතිගේ සමීප නිලධාරියෙකු අතේ. – නියෝගය ලැබුන සැනින් කතානායකට

colombotoday

“ලංකාව බෙදන්න බෑ.. ඒකීය රටක් ලෙස පවතිනු දැකීම චීනයේ අරමුණයි” චීන තානාපති යාපනේදී කියයි

colombotoday

“S තුනෙන් බාල වෛද්‍යවරු බිහිකරන කොතලාවල පනත එපා” – වෛද්‍ය සිසුන් පාර්ලිමේන්තුව අසල විරෝධතා

colombotoday

පොලිස් සැරයන්වරයෙක් දිවි නසා ගනී

colombotoday