Colombo Today Local News

සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි.

සයිටම් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණවලට සහයෝගය දැක්වීමක් ලෙස සහ විනිදභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බව ද ඔහු සඳහන් කරයි.

සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීම නිර්මාණය කළ නාටකයක් බව මේ වන විටත් පොලිසිය සොයා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමීර සේනාරත්න මහතාට හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද අත්අඩංගුවට ගැනීමට සොයයි.

Related posts

ඉතිහාසයේ ප්‍රථම වරට ජනපතිවරයෙක් බලය කප්පාදු කරගන්නේ මෙන්න මෙහෙමයි

colombotoday

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

colombotoday

හෝටල් කාමරයක ඇදක් උඩ පාසල් දැරියකගේ මළ සිරුරක්

Admin

තියුණු ආයුධයක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුළුවෙන්න ගිය තැනැත්තා කියන කතාව !

colombotoday

කෙහෙළියට විශ්වාසභංගය ගෙනා සජබ දැන් පස්ස ගහයි

Admin

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

colombotoday