World

උතුරු කොරියානු නායකයාට පර්යේෂනණාත්ම එන්නකක් චීනයෙන් එන්නත් කරයි

උතුරු කොරියාවේ නායක කිම් ජොං අන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි පර්යේෂණාත්මක එන්නතක් චීනය විසින් ලබාදී ඇති බවට වාර්තා වේ.

මීට අමතරව උතුරු කොරියානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිපදෙනෙකුට ද එම පර්යේෂණාත්මක එන්නත ලබා දි ඇති බව ජපාන බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කළේය.

චීනය විසින් මේ වන විට එරට පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසකට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලබා දී තිබුණද එහි තුන්වන මට්ටමේ පර්යේෂණ කටයුතු මෙතෙක් කිසිදු සමාගමක් විසින් අවසන් කර නොමැති බව සදහන් වේ.

එබැවින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇතුළු පිරිසට ලබාදුන් එන්නත කුමන සමාගමක් විසින් ලබාදී ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Related posts

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

කිලෝ 500ක් බර අධිබලැති බෝම්බයක් සොයා ගැනේ

colombotoday

බැතිමතුන් සිටි දේවස්ථානයක වහලයක් කඩා වැටෙයි

Admin

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

කොවැක්සින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50 දෙනෙක් මරුට

colombotoday