Colombo Today Local NewsNew Constitution

“ජනතාව ඔබට ඡන්දය දුන්නේ රට බෙදන්න නෙවෙයි“ – ගැටඹේ නාහිමි ජනපතිට ලියයි

gatambe-nhimiෆෙඩරල් පාලනයක් තුළින් රටේ එකීයත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන්නේ නම් රට දෙකට බෙදිය යුතු යැයි පවසන පිරිස් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීම සැක සහිත යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සදහන් කරයි.

රට තුළ සංහිදියාව හා යහපාලනය බිද වැටී, දේශපාලන නායකත්වය පිළිබද කිසිදු විශ්වාසයක් නොමැති අවධියක කළ යුත්තේ නොදන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීම නොව සියලු ජාතීන් අතර සමගිය හා සාමය තහවුරු කිරීම විය යුතු යැයි නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පවසයි.

මහ බැංකු බැදුම්කර සිද්ධියේදී විදේශිකයෙකුට මහ බැංකු අධිපතීත්වය ලබාදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකිරීමට අවස්ථාව දීම සහ වැරදිකරු ආරක්ෂා කිරීම මගින් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි බොහෝ පිරිස් තුළ ඇත්තේ කලකිරීමක් යැයි පැවසෙන එම නිවේදනයේ තවදුරටත් මෙසේ සදහන් වෙයි.

අප රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කිසිදු අවශ්‍යතාවක් නොමැති අවස්ථාවේදී මේ රජය ලහිලහියේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට උත්සහ දරනවා. දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යකම් ඉටු නොකරන බව ජනාධිපතිවරයා සපථ කළත් අද ඒ විශ්වාසය පළුදු වී යන බවක් දැකිය හැකියි.

බෙදුම්වාදයට උඩගෙඩි දෙන අධිනීතිඥවරු, ආචාර්ය මහාචාර්යවරු හා රාජ්‍ය නොවන සංවිධාන උත්සහ කරන්නේ ෆෙඩරල් ක්‍රමයක් කරා රට යොමු කිරීමටයි. රටට හිතැති අහිංසක පොදු මහජනතාවට ඉන් සෙතක් සැලසෙන්නේ දැයි සැක සහිතයි. ආතක් පාතක් නොමැති න්‍යාචාර්යවරුන්ගේ සංකල්ප තුළින් රටට කිසිදු යහපතක් අත්වන්නේ නැහැ. කණගාටුව වන්නේ රට විනාශ කිරීමට උඩගෙඩි දෙන පුද්ගලයන් රටේ නායකයන්ට උපදෙස් දෙන්නන් බවට පත්වීමයි.

ෆෙඩරල් පාලනයක් තුළින් රටට කිසිදු අහිතකර තත්ත්වයක් උදා නොවන බව කීවත් උතුරේ මහ ඇමතිවරයා ඉල්ලා සිටින්නේ ඔවුන් සදහා වෙනම පාලනයක්. ඉඩම්,පොලිස් හා අධිකරණ බලතල පළාත් සභා වෙත පවරාදීමෙන් පසු වෙනම ආණ්ඩුවක් නිර්මාණය නොවී පවතීද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය තුළින් මොවුන් උත්සහ කරන්නේ රට බෙදා වෙනම පාලනයක් උතුරට ලබාදීමටයි.

අතිගරු ජනාධිපතිතුමනි, වර්ෂ 2014 ජනවාරි 08 වන දින ජනතාව ඔබ විශ්වාස කොට ඔබට ඡන්දය දුන්නේ යහපාලනය ඇති කිරීමට මිස රට බෙදීමට නොවෙයි. ඔබ ජනාධිපතිධූරයට පත්වූ අවස්ථාවේ ජනතාව සතුටුවුවත් අද ඔබ යන ගමන් මග පිළිබදව ඇත්තේ බරපතල සැකයක්. අනුරපුර, පොළාන්නරු, සීතාවක, මහනුවර යුගවලදී මහා සංඝරත්නය රජු හා එක්ව පෙරමුණ ගත්තේ ද්‍රෝහීන්ගෙන් රට ආරක්ෂා කිරීම සදහායි. නමුත් රටේ පාලකයා ද්‍රෝහීන් සමග කුළුපග වී රට හා දේශප්‍රේමීන් පාවා දුන් ඛේදනීය අතීතයන් පවා තිබුණා. නමුත් මහා සංඝරත්නය එදා සිට අද දක්වාම රට ආරක්ෂා කිරීමට පෙරමුණ ගත්තා පමණක් නොව, ජාතික සංහිදියාට ඇති කිරීමට ද කටයුතු කළා.

යහපාලනය හා සංහිදියාව තහවුරු කරන බව පැවසූ ශ්‍රී ලංකාවේ සමස්ථ සංහිදියාවට අද බරපතල තර්ජනයක් එල්ලවී තිබෙනවා. උතුරු නැගෙනහිරින් සිංහල බෞද්ධයන් පළවා හරින තත්ත්වයක් උදවී තිබෙනවා. රටේ සංහිදියාව ආරක්ෂාවිය යුතුය යන මායාවෙන් මෙම හානිය කිසිවෙකුත් නොදකින නමුත් බෞද්ධයන්ට අත්වී ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. සංහිදියාව තහවුරුකරන වැඩපිළිවෙල රාජ්‍ය නොවන සංවිධාන වෙත නොපැවරිය යුතුයි.

වර්තමාන සංහිදියාව නම් කෘතිම වැඩපිළිවෙලට වඩා අතීතයේ මහා සංඝරත්නය සැබෑ සංහිදියාවෙන් යුතුව ජීවත්වුණා. ශ්‍රී දළදා මාලිගාව සතු ඉඩම් පවා මුස්ලිම් ජාතිකයන්ට ලබාදී ඔවුන්ගේ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ සංඝරත්නය එදා අනුමැතිය ලබා දුන්නේ හෙළ භික්ෂුන් වහන්සේ තුළ ඇති සංහිදියාව නිසයි. සංහිදියාවට සැබෑ සුදුස්සෝ වන්නේ රට බෙදීමට උත්සහ කරන පිරිස් නොව මහා සංඝරත්නයයි.

ජනාධිපතිතුමනි, මාධ්‍ය මගින් ඔබතුමා කරන අභීත සෘජු ප්‍රකාශ පිළිබද ජනතාව තුළ ඇති විශ්වාසය පළුදුවී තිබෙනවා. වරින් වර මාධ්‍ය මගින් බැට් බද්ද, මහා පරිසර විනාශය, රණවිරුවන් අධිකරණයට ගෙන යාම, ආබාධිත රණවිරුවන්ට පහරදීම වැනි අවස්ථාවලදී ඔබ මාධ්‍ය මගින් කළ ප්‍රකාශවලට ජනතාව යම් විශ්වාසයක් ඔබ පිළිබදව ඇති කර ගත්තා. නමුත් ක්‍රියාවේදී රජය ඒ ඊට හාස්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව දැන් බෙහෙවින්ම පැහැදිලියි. මාධ්‍ය මගින් කරන එවැනි ප්‍රකාශ ජනතාව නොමග යැවීමට සිදුකරන ප්‍රකාශ බව මේ වන විට පැහැදිලිවී තිබෙනවා.

රටේ ජනාධිපතිවරයා වශයෙන් සත්‍ය දකින්නේ පුවත්පත්වල පළවූ අවස්ථාවේ යැයි කීම ජනාධිපතිවරයෙකුට සුදුසු නැහැ. ඔබ රටට අහිතකර පුවත් පළ කරන මාධ්‍ය ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. නමුත් ඒ මාධ්‍ය කළ උපකාරය නිසයි මෛත්‍රීපාල සිරිසේන නම් ජනාධිපතිවරයා නිර්මාණය වුණේ. ආණ්ඩුවක් පෙරළා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය කටයුතු කළා. අද ඔබතුමා අතින් ඒ මාධ්‍ය විවේචනය වුවත් සැබවින්ම සිදුව ඇත්තේ මාධ්‍ය නිවරැදිව එදා මෙන් වාර්තාකරන අතර රටේ පාලන පංතිය ජනතාවට පීඩා වන අයුරින් වැරදි ලෙස හැසිරීමයි.

තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරමින් විවේචන හා හෙළා දැකීම් මැද මාධ්‍ය කටයුතු කරන අතර පාලන පංතිය සිදු කළ යුත්තේ එම මාධ්‍ය විවේචනය කර ඔවුන් පාලනය කිරීමට උත්සහ කිරීම නොව තමන්ගේ පාලන ක්‍රමය සකස් කර ගැනීම යැයි පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක හිමිපාණන් වැඩිදුරටත් සදහන් කරයි.

නදීක දයා බණ්ඩාර -මහනුවර

Related posts

හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කොළඹ හෙල්ලෙන වෙඩිතැබීමක් – දෙදෙනෙක් මත්ද්‍රව්‍යනාශකයෙන් ගෙනියයි

Admin

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

colombotoday

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

colombotoday

මැකො. සභාපති ඉවත් වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday

මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කාගේ මත්කුඩු ජාලය ඕල්කට්ගේ මාමා වන ඉතාලියේ ප්‍රදීප් අතට.

colombotoday