Colombo Today Local NewsNew Constitution

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

npww123456උතුර සහ නැගෙනහිර පළාත්ව බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට විරුද්ධව සහ මඩකළපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට විරෝධය පළ කෙරෙන යෝජනාවක් ඊයේ (24) පැවති උතුරු පළාත්සභාවේ 66 වැනි සැසිවාරයේදී සම්මත කෙරිණි.

පළාත් සභාවේ සභාපති සී.වී.කේ. සිවඥානම් විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර බහුතර ඡන්දයෙන් එම යෝජනාව සම්මතවිය.

මෙම යෝජනාව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ පොලිස්පතිවරයා වෙත යොමු කිරීමටද මෙහිදී තීරණය විය.

පළාත්සභාව විසින් යෝජනා සම්මත කරගත්තද ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය රහිතව අදාළ යෝජනා බලාත්මක කළ නොහැකි වේ.

නව ව්‍යවස්ථාව මගින් ඉඩම්, පොලිස්, අධිකරණ හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ පූර්ණ බලතල පළාත්සභාවලට ලබා දීමට නිර්දේශ කර ඇති අතර, පළාත්සභාවේ යෝජනා හා අණපතන් බලාත්මක කිරීමට ජනාධිපතිවරයා නියෝජනය කරන ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අවශ්‍ය නොමැති බවට සහ ආණ්ඩුකාර ධුරය නාමික තනතුරක් කිරීමට නිර්දේශ යෝජනා කර ඇත. පළාත් මහඇමතිවරයාගේ අභිමතය පරිදි ආණ්ඩුකාරවරයා පත්කළ යුතු බවටද නිර්දේශ කර ඇත.

ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මධ්‍යම ආණ්ඩුවේ අනුමැතිය රහිතව යෝජනා හා අනපනත් සම්මතකර ක්‍රියාත්මක කිරීමේ බලය පළාත්සභාවට සහ මහඇමතිවරයාට හිමිවේ.

නව ව්‍යවස්ථාව සදහා ඉදිරිපත් කරන ලද අනුකාරක සභා නිර්දේශ ලබන ජනවාරි මුල සතියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.

Related posts

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා පුදබිමේදී

colombotoday

රාජිතගෙන් ඉගෙන ගන්න බිල් ගේට්ස් සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු එක පැයක් ඉල්ලයි !

colombotoday

පාස්කුව ලෙයින් තෙත් කළ ඉස්ලාම් ත්‍රස්තවාදී කල්ලිය ගැන ඇමති රාජිත හෙළිකරයි

colombotoday

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday

“පුරවැසියන් ආණ්ඩුව ගැන යහ බලාපොරොත්තුවකින් සිටිනවා“ – යහපාලනය ගොඩගන්න පිරිමි මිසීලා නැවතත් කරළියට

colombotoday