Colombo Today Local News

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

est navy125

නාවික හමුදා කඳවුරුවලට ඇතුළුවීමට නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ්ට පනවා තිබූ තහනම් ඉවත් කිරීමට තීරණය කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.

පසුගිදා සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා විසින් සාම්පූර් විදුර නාවික නෞකා කදවුරේ අණදෙන නිලධාරීවරයාට බැණවැදී අපහාස කිරීමේ සිද්ධියට නාවික හමුදාවේ සහ යුද හමුදාවේ කදවුරුවලට මහඇමතිවරයා ඇතුළුකර නොගැනීමට තීරණය කර තිබුණා.

මේ අතර යුද හමුදාව විසින් පනවා තිබූ එම තහනම ඉවත් කරගන්නවාදැයි තවම ප්‍රකාශ කර නොමැති අතර, ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අදාල සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර රජයේ තීරණය දැනුම් දෙන බවයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ.

Related posts

අලිගැට පේර දිනපතා ආහාරයට ගැනීම ඉතා හොඳයි. අධ්‍යයනයකින් හෙළි වෙයි.

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

එකම විෂයේ බෙදුණු අමාත්‍යාංශ එක් කරන්න තීරණයක්

Admin

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්

colombotoday

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

colombotoday