Colombo Today Local News

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

අද (25)දිඅ අලුයම හක්මන – වලස්මුල්ල ප‍්‍රධාන මාර්ගයේ ගිලන් රථයක් අනතුරට පත්වීමෙන් එහි සිටි සෞඛ්‍ය සේවකයින් 4 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වලස්මුල්ල මූලික රෝහලට අයත් ගිලන් රථයක් වන අතර එය තාප්පයක ගැටිමෙන් අනතුර සිදුව තිබුණි.

අලුයම 1.30 ට පමණ අනතුර සිදුව තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රෝගීන් රැගෙන ගොස් නැවත වලස්මුල්ල මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබෙන අතර තුවාල ලැබූ සෞඛ්‍ය සේවකයින් 4 දෙනා වලස්මුල්ල මූලික රෝහලට අතුළත් කෙරුණි.

අනතුරුව එම සේවකයින් 04දෙනාට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදී එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

බරපතළ තත්ත්වයේ පසුවු තවත් සේවකයෙකු මාතර මහ රෝහල වෙත මාරුකර යවා පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

Related posts

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

පිදුරංගලට පස්ස හරවා ජාතියට හෙළුව පෙන්නූ නරුමයන් අල්ලන්න හොයයි…

colombotoday

පාඨලී ට එරෙහි රිය අනතුරු නඩුව විභාගයට දින නියම කෙරේ

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

රත්මලානේ අංජුගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

colombotoday