Colombo Today Local News

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

shammi kumararathnaරජයේ ආයතන දහයක තොරතුරු මත කරන ලද විමර්ශනයට අනුව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට සම්බන්ධ වී හෝ ඊට අනුබලදීමක් සිදුකර හෝ නොමැති බවත් ඔහුට එරෙහිව කිසිදු ආයතනයක් හරහා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (23දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන නඩුවිභාගය ඊයේ දිනද හෝමාගම අධිකරණයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදී වැඩ බලන මහේස්ත්‍රාත් සරෝජා වනිගසේකර මහත්මිය ඉදිරියේ විභාගයට ගැනුණි.

එහිදී බන්ධනාගාර ගතව සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අට දෙනා ද අධිකරණයේ පෙනී සිටි අතර යළිත් මෙම සැකකරුවන් ලබන 06 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ajith prasanna[fbvideo link=”https://www.facebook.com/asela.dharmasiri/videos/10210340348407840/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඥානසාර හිමිට වාහන ලැබුණු හැටි හෙළිවේ

colombotoday

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

බියර් මිල අඩුකිරීමෙන් බේබද්දො වැඩිවෙනවා.. විදුලි මෝටර්රථ මිල අඩු කිරීමෙන් විදුලි අර්බුධය දරුණු වෙනවා

colombotoday

“අලුත් ව්‍යස්ථාවට ජනමතවිචාරණයක් තිබ්බොත් ආණ්ඩුව පරාදයි“ – චම්පික

colombotoday

හමුදාවේ 4 දෙනෙක් පුද්ගලයෙකුව පැහැරගෙන හිහින් – හමුදාපති තුමාගෙන් නියෝගයක්

colombotoday

ලක්ෂ 3කට විදුලිය නෑ

colombotoday