Colombo Today Local News

ජෝන් ඇමතිට හූ කියූ තිදෙනෙක් අත්අඩංගුවට !

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඊයේ (28දා) වත්තලදී උත්සවයකට එක්වූ අවස්ථාවේදී හූ කීමේ සිද්ධියට අදාළව තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තල පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඔවුහු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර පෙදෙසේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට යෝජිතව තිබූ භූමියක දෙමළ විද්‍යාලයක් ඉදිකිරීමට සදහා මුල්ගල තැබීමට ගිය අවස්ථාවේදීයි මෙලෙස අමාත්‍යවරයාට ප්‍රදේශවාසීන්ගේන් විරෝධතාවය එල්ල වූයේ.

විරෝධතාකරුවන් දිගටම මාර්ගය අවහිර කරමින් ඇමතිවරයාට පිටයන්නට නොදී හූ තැබීම නිමා ඇමතිවරයා සිය ආරක්‍ෂකයින් සමග වෙනත් මාර්ග ඔස්සේ ආපසු ගියේය. එසේ පිටවෙද්දී ජනතාව එලව එලවා හූ කීහ.

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වහාම මෙරටට කැදවයි.. අද යළි දිවයිනට !

colombotoday

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin

“බලාපොරොත්තු සුන් වුණා.. අප කළ වෙනසෙන් රටට වුණේ විනාශයක්.. ඉදල වැඩක් නෑ“ – රතන හිමි

colombotoday

රිෂාඩ් සමග කිසිදු දේශපාලන ගණුදෙනුවක් නැහැ : රිෂාඩ්ගේ මල්ලි නිදහස්වීම ගැන ජනපති තැබූ ෆේස්බුක් සටහන

colombotoday

ගෝඨාගේ නඩු ගැන මහින්ද කියපු දේ

colombotoday

අලි සබ්‍රිගේ රහීම්ගේ රථය අත් ට්‍රැක්ටරයක ගැටේ.. රියදුරු අත්අඩංගුවට

Admin