Colombo Today Local NewsHot News

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

Karunasena-Hettiarachchiඋතුරේ මහවිරු දින සැමරුම් සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවක් කිරීමට නැතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (29දා) පැවසීය. එල්.ටී.ටී.ඊ. සංවිධානය නීතිවිරෝධී කටයුත්තක් සිදුකර ඇත්නම් එය සොයා බැලීම හමුදාවේ විෂය පථයට අයත් කාරණයක් නොව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කටයුත්තක් බව ලේකම්වරයා පවසා සිටියේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා,

“හමුදා කඳවුරක් ඇතුළෙ නෙමෙයි එම සැමරුම කළේ. හමුදා කඳවුර ඉස්සරහ පාරේ. පාර පොදු ස්ථානයක්. ඒ අය තමන්ගේ මළවුන් සිහිකිරීමේ කටයුත්තක් කරලා තිබෙනවා එක්තරා හමුදා කඳවුරක් ඉදිරිපිට. අපි ඒවාට සම්බන්ධව නැහැ. මහවිරු දිනය සම්බන්ධව අපිට කිසිම කටයුත්තක් කරන්න නැහැ. අපි ඉන්නෙ ජාතික ආරක්ෂාව සඳහා පමණයි.

එවැනි යම් කිසි නීතිවිරෝධී කටයුත්තක් කරනවාම්, කරලා තියෙනවානම් ඒ පිළිබඳව කටයුතු කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නෙ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයට සහ පොලිස් දෙපාර්තමේන්තුවට. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව සැමරුමක් කළානම් ඒක නීතිවිරෝධී කටයුත්තක්. ඒක ත්‍රිවිධ හමුදාවේ විෂය පථයට අයත් නැහැ. අයත් නැති දෙයක් ගැන කතාකරලා ප්‍රයෝජනයක් නැහැ” යැයි පවසා සිටියේය.

ada.lk

Related posts

අයවැය ප්‍රකාශය : ලබන වසර තුළ ආර්ථික ස්ථාවරත්වයක් ලැබෙන බව විශ්වාස කළ හැකියි

Admin

අජිත්-විජේදාස හබය තව දුර යයි..! ඇමති විජේදාසට එරෙහිව නි.ඇමති අජිත් නැවත කට අරී

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි – ජනපති රනිල් වික්‍රමසිංහ

Admin

නීතියේ ස්වාධීනත්වය රන්ජන්ගේ දුරකථනයෙන් බේරෙයි…. රන්ජන් සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ කුමන්ත්‍රණයත් ලීක් !

colombotoday

ජනවාරි 28 ග්‍රහ මාරුවෙන් රටට, ජනපතිට, ආණ්ඩුවට වෙන දේ ගැන මංජුල පීරිස්ගෙන් අනාවැකි

colombotoday