
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව අපේක්ෂා කරයි.
මේ අතර ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com