Colombo Today Local News

එන්නත ලබාගත් දරුවන්ට ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති.

එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවද ඔවුහු සඳහන් කරති.

දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසීය.

Related posts

අද රාත්‍රියේ සිට ලබන සඳුදා තෙක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි..

colombotoday

බාසිලෝනා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී !

colombotoday

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday