Covid 19

කඩුවෙල රණාලේ පෞද්ගලික ආයතනයක 64කට කොරෝනා

කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26)දින හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි.

අදාල ආයතනය සේවක සුරක්ෂතභාවය වෙනුවෙන් නිරන්තර පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලබන ආයතනයක් බවත් දින කිහිපයකට පෙර ආසාදිතයින් තිදෙනෙකු එම ආයතනයෙන් වාර්තා වීම මත දින දෙකකට පෙර එහි එක් අංශයක පමණක් සිදු කල පීසීආර් පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවද ඒ මහතා පවසයි.

දිනෙන් දිනම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම නිසාවෙන් අදාල ප්‍රදේශයේ කටයුතු සදහා අවශ්‍ය සෞඛ්‍ය බළධාරීන්ගේ ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු තත්වයක පවතින බව ද පැවසීය.

Related posts

දෙහිවල සත්වෝද්‍යානයේ තෝර්ගේ ධේනුවටත් කොවිඩ්

colombotoday

නව කොවිඩ් ප්‍රභේද ආසාදිත යැයි සැක අයෙක් ලංකාවෙන්

colombotoday

සංගක්කාර ස්වයං-නිරෝධායනයට

colombotoday

නාත්තන්ඩියෙ කොරෝනා ආසාදිතයකු ගම්මාන ගණනාවක වියළි ආහාර ‍බෙදලා. මාරවිල ගම්මාන හයකට ඇතුල්වීම පිටවීම තහනම්

colombotoday

මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 10,000 ඉක්මවයි

colombotoday

අද කොවිඩ් ආසාදිතින් 942ක්

colombotoday