Colombo Today Local News

එජාපයේ නවීන් ඉල්ලා අස්වෙයි

ඒක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික නවීන් දිසානායක මහතා එම නිල තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

මේ සම්බන්ධයෙන් ඒ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

එම ලිපියට අනුව නවීන් දිසානායක මහතා සදහන් කර ඇත්තේ මෙවැන්නකි…

“මා දැනට කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික හැටියට කටයුතු කිරීමට කැමැත්ත ප්‍රකාශ කරන අතර, ඔබ හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මා හට නැවතත් ලබාදෙන ලද ජාතික සංවිධායක ධූරය තවත් සුදුසු පුද්ගලයෙකුට ලබාදෙනවාට මාගේ විරුද්ධත්වයක් නොමැති බව මෙයින් දන්වා සිටිමි” යනුවෙනි.

මෙමගින් නවීන් දිසානායක මහතා දක්වා ඇති අදහසේ ඇති අපහැදිලිතාවය නිවැරදි කර ගැනීම සදහා අප ඒ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් එජාප නුවරඑළිය දිස්ත්‍රික් නායක හා කෘත්‍යාධිකාරි සභික යන තනතුරු වලින් ඉවත් වන බවයි.

ඒ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවන ලද ලිපිය පහතින්…

Related posts

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

අත්තනගල්ලේ උණුසුම් තත්වයක්.. පහකට වෙඩි… ව්‍යාපාරිකයෙක් මරුට

colombotoday

කොළඹ – නුවර අධිවේගයේ සැළසුම වෙනස් වෙයි.. වැයවන මුදලත් ඉහළට

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

හිටපු කොටි 31ක් අද නිදහස්, තවත් 32ක් ඉදිරියේදී නිදහස්, ඉතිරි අයටත් උපරිම සහන – රජය නිවේදනය කරයි

colombotoday