Colombo Today Local News

විදෙස් රටවල් කිහිපයක පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගනී.

විදෙස් රටවල් කිහිපයක පැතිරයන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක දිගුවක් ශ්‍රී ලංකාව තුළින් ද හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර තිබේ.

එය මින් පෙර ලංකාව තුලින් හඳුනාගත් වෛරස් ප්‍රභේදයට වඩා වෙනස් වන බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රටවල ව්‍යාප්ත වූ වෛරසයට සමාන ලක්ෂණ ඇති බවත් පැවසෙනවා.

එසේම මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩි බවත් සඳහන් කරනවා. මෙය මේ දිනවල බහුලවට කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවවල ව්‍යාප්ත වූ ප්‍රභේදයට වඩා වෙනස් බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර ඇත.

නව වෛරස් ප්‍රභේදයක දිගුව සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරීක්ෂණාගාරය තුළ දීර්ඝව පරීක්ෂණ පවත්වන බව ද වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.

වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,

“අපගේ අලුත් පරීක්ෂණවලින් අපි අලුත් දෙයක් හඳුනාගත්තා. විදේශීයව සිට පැමිණි අයගේ සහ ලංකාවේ විවිධ මධ්‍යස්ථානවලදී එකතු කරන ලද Genetic sequencing සාම්පල් පසුගිය සතියේත් ලැබිලා තිබුණා. පොසිටිව් රෝගීන්ගේ සාම්පල්. පසුගිය සති 2 ඇතුළත තිබ්බ අපගේ පර්යේෂණ මගින් අපි ප්‍රධාන කරුණු දෙකක් හඳුනාගත්තා. එකක් තමයි අපේ දෙවෙනි රැල්ලේ එකකට එකක් සමාන නිසා සියයට සියයක් ශ්‍රී ලාංකාවට ආවේනික වූ lineage එකක් දැනට හඳුනාගෙන තිබෙනවා. ඒකට අපි කියනවා B1411. මේක සියයට සීයයක් ශ්‍රී ලංකන් lineage එකක්. අනෙක් කරුණ තමයි එංගලන්තයේත් දකුණු අප්‍රිකාවේත් පැතිරි යන ප්‍රභේද දෙකම පසුගිය සතිවලින් හමුවුණේ නෑ. හැබැයි අපේ Sequencing වලදී තව අලුත් විශේෂිත වූ lineage එකක් හමුවෙලා තියෙනවා. ඒ කියන්නේ B.1.258 කියන එක. ඒකේ 69 යි 70 deletion එකක් තියෙනවා. ඊට අමතරව ඒකේ mutation එකක් හඳුන්වලා තියෙනවා N439K. මේ infection එක වේගයෙන් පැතිරීමේ හැකියාව තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් දැනට වාර්තාවෙලා තියෙන්නේ එංගලන්තය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විස්ටර්ලන්තය, ජර්මනිය කියන රටවල්වල. ඉතින් මේ lineage එකට සම්බන්ධ වූ රෝගීන් පසුගිය සතියේ අපිට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මොනොක්ලෝන ඇන්ටිබොඩිස්වලින් ඒක අහුවෙන්නේ නැතිව ඉවේඩ් වෙනවා කියලා. ඒ පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයන කරගෙන යනවා. මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙන නිසා ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගන්න අවශ්‍ය නෑ. තාමත් මේ vaccine immunity එකට මේ Genetic mutation එකත් කිසිම බලපෑමක් නෑ කියන එක තමයි වාර්තා තියෙන්නේ. ඊළඟ පර්යේෂණ මට්ටම අපි ලබන සුමානේ පටන් ගන්නවා.”

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

කොරෝනා රටින් තුරන් කරන්නට මර්වින් සිල්වා සත්‍යක්‍රියාවක

colombotoday

වර්ෂාවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළ යයි

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා | සජිත් ප්‍රේමදාස තග දමයි.

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday