Colombo Today Local News

මුතුරාජවෙළ තෙත්බිමේ වගුරු ආශ්‍රිත බිම් අපද්‍රව්‍ය දමා පිරිවීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය නඩු මගට

මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සදහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, මුතුරාජවෙළ ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට මධ්‍යම පරිසර අධිකාරි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (26)දින රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම මුතුරාජවෙළ තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සදහා ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇතැයි සදහන් කරමින් ගොනු කර ඇති මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි අධ්‍යක්ෂක හේමන්ත රංජිත් සිසිර කුමාර මහතා විසින් ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්බාර, වනජීවී අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, ගොවිජන සේවා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක රෝහණ රාජපක්ෂ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වත්තල, මීගමුව හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන්, නීතිපති ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

මුතුරාජවෙළ තෙත් බිම ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි තෙත් බිමකි. මෙම තෙත් බිම සුවීශේෂ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක්ද වේ. ඊට අමතරව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තවේ.

මුතුරාජවෙළ කුඹුරු යාය, ඇළ මාර්ගය සහ වගුරු බිම් වලින් සමන්විත වන අතර අක්කර 635 ක් ප්‍රමාණයක කුඹුරු යායකින් සමන්විත වේ.

තත්ත්වය මෙසේ තිබියදී මෙම වගුරු බිමෙහි නීතිවිරෝධී ආකාරයට පස් යොදා වගුරු බිම ගොඩ කිරීම වසර ගණනාවක සිට සිදුවේ. මෙය මහපරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී ව්‍යාපාරයකි. මේ හේතුවෙන් මෙහි ජලපෝෂක ප්‍රදේශය අහිමිව ගංවතුර තත්ත්වයක් ඇති විය හැක.

තවද මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50 ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීමට ලබා ගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇත. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උදාවේ.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සදහා අපද්‍රව්‍ය දැමීම වළකාලන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව මෙම තෙත්බිම ආරක්ෂා කිරීමය අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත්, මෙම තෙත්බිම ඇතුළු අනෙකුත් පාරිසරික වැදගත්කමකින් යුත් තෙත්බිම් අවභාවිතය කිරීම වළක්වාලන පියවර ගැනීමට වගඋත්තරකරුවන්ට නියෝග කරමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

Related posts

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

Admin

“පණුවන් සහිත ටින් මාළු අඩංගු කන්ටේනර් 6 ය වහාම සෞඛ්‍ය අමාත්‍යාංශ භාරයට ගන්න.”

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ටත් කොවිඩ් එන්නත

colombotoday

රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුනට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

colombotoday

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday