Colombo Today Local News

කුඹුරට ගිය ගොවියෙකුට වලසෙක් පහර දිලා

වලසෙකුගේ ප්‍රාහාරයකට ලක්වූ පුද්ගලයෙකු තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුලතිව් රෝහලට මාරුකර යවා තිබේ.

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මන්නාකණ්ඩල් ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වලස් ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඊයේ (25)දින පස්වරුවේය.

ඔහු කුඹුරට ගිය අවස්ථාවේ වලසාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරයන් ඔහුගේ එක් අතකට සහ පාදයකට බරපතළ තුවාල සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී කාර්යාලය දැනුවත්කර ඇති අතර වනජීවී නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Related posts

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday

එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ. – වාසුදේව කියයි.

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි වරෙන්තුව අවලංගු කෙරේ…

colombotoday

ඇමති බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයේ අක්කර ලක්ෂයක් ඉල්ලයි

colombotoday