Colombo Today Local News

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්වය උද්ගතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් ෆේස් බුක් ගිණුම වෙත ප්‍රකාශයක් එක් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර ඇත.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මසදී බවත් ඒ සමයේදී විදුලි බිල රු. 25000 – 30000 වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 3,30,000, 55,000, 75,000, 90,000 වැනි අගයන්ගෙන් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර එහි පෙර සිටි තැනැත්තාගේ නමට බවද ඇමතිවරයා කියා සිටී.

මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා තමන් ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකකදී ලිඛිතවත්, අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබාදීමත් කළ නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලිබිල ඉල්ලා සිටි අවස්ථාවේ තමාට ලක්ෂ 70 ක බිල්පතක් එවා ඇත්තේද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා පවසයි.

ජනවාරි මාසයේදී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට ලදුපත නිකුත් කර ඇත්තේද තමන්ට පෙර නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බව පවසන කෙහෙළිය රඹුක්වැල්ල මහත මෙවැනි අවුල්සහගත තත්වයක් තුළ පවා එවැනි විශාල මුදලක් ගෙවීමට කටයුතු කළේ රටේ වගකිවයුතු පුද්ගලයෙකු නිසා බවත් සඳහන් කර ඇත.

මේ වනවිට මේ කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

Related posts

‘ගොං කතාවලට උත්තර අහන්න එපා’ – ෆොන්සේකාගේ කතාවට මහින්ද උත්තර දුන් හැටි (VIDEO)

colombotoday

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday

මැතිවරණ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමට විශේෂ කාරක සභාවක්

colombotoday

දිවයින පුරාපැතිර යන අලුත් වෛරස් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

Admin

ජනපති,අගමැති,කතානායක සාකච්ඡාවේ තීන්දු මෙන්න

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday