Colombo Today Sports News

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නැවත වරක් චමින්ද වාස් පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (25)දින කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඒක දැන් ආයෙත් සැරයක් චමින්ද වාස්ගෙන්ම ෆිල් වෙලා තියෙනවා. අපි ආයෙත් චමින්ද වාස් මහතාව අරගෙන තියෙනවා. තව දවස් දෙක තුනකින් ඒ පිළිබඳව මාධ්‍යට දැනුම් දෙනවා. ලංකාවේ ක්‍රිකට් දියුණුවෙන් දියුණුවට යන්න ඕනේ. ඒකට මීට වැඩිය හොඳ කමිටුවක් අපිට හමුවෙලාම නෑ. හම්බවෙන්නෙත් නෑ. අරවින්ද, රොෂාන් මහානාම, මුරලි, සංගා, මහේල මේ ඔක්කොම එකතුවෙලා තමයි මේකේ තීරණ අරගෙන අපිත් සමග සාකච්ඡා කරලා සුහදව කරගෙන යන්නෙ. ඒකෙ කිසිම ගැටලුවක් නෑ.”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක ලෙස මීට පෙරද චමින්ද වාස් කටයුතු කළ අතර ඉකුත් පෙබරවාරි මස සිය තනතුරින් ඉල්ලා අස්වීමට ඔහු කටයුතුකර තිබුණි.

බටහිර ඉන්දීය කොදෙව් හි ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විදේශගතවීමට පැය 4කට පෙර චමින්ද වාස් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබුණි.

ගෙවීම් පිළිබඳව ඇතිවූ මතගැටුමක් ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබූ බවද එහිදී වාර්තා විය.

Related posts

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කරයි. – දිනේෂ් චන්දිමාල් නැවත කණ්ඩායමට

colombotoday

දැවන්ත පරාජයෙන් පසු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස ඉදිරිපිට ගිනිකෙළි (Photo)

colombotoday

ශර්මාගේ ප්‍රචන්ඩ ප්‍රහාරයෙන් ලංකාව අසරණ වෙයි.. 20-20 ජයත් ඉන්දියාවට !

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නැවතත් කෝප් කමිටුව හමුවට කැඳවයි

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday