Gossip

නැගිටින්න හදන අයට මෙන්න අත.. “අපි වෙනුවෙන් අපේ තැනක්“ බුකිය කළඹන නව රැල්ලක් !

donshym22323එක එක කාලෙට මුහුණුපොතේ රැළි එනවා, යනවා.. මේ කියන්න යන්නෙ එන, යන රැළි අතරේ තවත් එක රැල්ලක් නොවී, විශේෂයෙන්ම බහුතර සිංහල සමාජයට ආර්ථික වශයෙන් වැඩක් වෙන වැඩක් ඇති රැළ්ලක් ගැනයි.

මේ අලුත්ම රැළ්ලට මුල්වුණේ “සිංහලේ වෙළද සංගමය“ (මෙතැනින් පිවිසෙන්න) නමැති ෆේස්බුක් පිටුවක්. වැඩි දෙනෙක් හොය හොයා ෂෙයා කරන, උනන්දුවෙන් බලන මේ පිටුව ගැන අපි කියනවට වඩා එම පිටුවේ නිර්මාතෘවරයාගෙන්ම අහල බලමු.

ඔහු ශ්‍යාම් කාවින්ද‍. මුහුණුපොතේනම් වැඩි දෙනෙක් දන්න (Shyam don). ශ්‍රීලංකාවේ බහුතර ජනගහනය 70%ක් වූ සිංහල ජනතාව ආර්ථික සමෘද්ධිය අතින් ඉන්නේ තවමත් පහල මට්ටමක කියල කීවොත් නිවැරදියි. ලංකාවේ ව්‍යාපාරික අවකාශයෙනුත් සිංහල නියෝජනය දවසින් දවස පහත වැටෙමින් පවතිනවා. ගෘහස්ථ මට්ටමේ කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා සිංහල ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදන පිළිබදව හදුන්වා දීල වැඩි වශයෙන් පාරිභෝගිකයක් ඔවුන් වෙත යොමු කර සිංහල ජනතාවගෙන් ගිලිහී යන ආර්ථික ශක්තිය සිංහල ව්‍යාපාරිකයන්ගෙන් ගිලිහී යන වෙළද බලය නැවත ගොඩනගාගන්න අන්තර්ජාලය හරහා පොඩි තල්ලුවක් දෙන්නයි මේ වැඩේ පටන් ගත්තේ.

මේ වෙනකොට වැඩේට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත්, ෆෙස්බුක් පිටුව හරහා ප්‍රචාරය ලබා දුන් සමහරක් ව්‍යාපාරික ආයතනවලට වෙනදාට වඩා වැඩියෙන් දැන් ඇණවුම් ලැබී ඇති බවත් එම ව්‍යාපාරික මහතුන් පැවසූ බවයි ශ්‍යාම් අපට කීවේ. ඉදිරියේදී ලංකාව පුරා ව්‍යාපාරිකයන් එකතු කර ව්‍යාපාර ජාලයක් සහ ඔවුන් සදහා ව්‍යාපාරික උපදේශන වැඩමුළු පැවැත්වීමටත් බලාපොරොත්තු වන බවත් මේ වැඩේට මුල ඉදන්ම තවත් මිතුරත් තිදෙනෙක් සහය දුන් බවත් ඔහු පවසනවා.

සිංහල වය්‍යාපාර සමග පමණක් ගණුදෙණු කරන්න කියන එක ජාතිවාදී නැද්ද? අපි අහපු ප්‍රශ්නයට ශ්‍යාම් දුන්නේ මෙහෙම උත්තරයක්

“දැන් බලන්න මුස්ලිම් ජනතාව.. ඔවුන් හැම දේකටම වඩා මුල් තැන දෙන්නේ ඔවුන්ගේ ආගමට, දෙක ඔවුන්ගේ ජාතියට. හිතල බලන්න, ඔවුන් හැකි සෑම අවස්ථාවකම ගණුදෙණු කරන්නේ ඔවුන්ගේ ව්‍යාපාර සමග විතරමයි. ඇයි ඒ.. ඔවුන්ගේ ජාතිය, ඔවුන්ගේ ජන ප්‍රජාව ආර්ථිකව ශක්තිමත් කරන්න තියන උවමනාව නිසා, ඒ වගේම තම ජාතිය සතු ධනය වෙනත් ජාතියක් අතට පත්වීමට ඉඩ නොතැබිය යුතුයි යන මතයේ ඔවුන් තදින්ම සිටින නිසා.. ඒ ඔවුන්ගේ සාමුහික තීරණය.. ඔවුන් තම ප්‍රජාවේ දියුණුව  ගැන එහෙම හිතනවනම් ඇයි අපට බැරි ජන ප්‍රජාවක් විදිහට අපේ සිංහල ජනතාවගේ ආර්ථිකය සුරක්ෂිත කරගන්න.. අපේ ව්‍යාපාර නගා සිටුවන්න අතහිත දෙන්න“

“අද සිංහල ජන ප්‍රජාව ආර්ථික වශයෙන් දුර්වල තැනකට වැටිලා.. මේ රටේ 70% බහුතර ජනතාව සිංහලයින්.. එහෙනම් මේ රටේ බහුතර ජනතාව ආර්ථික ශක්තිය අතින් දුර්වලයිනම් කොහොමද රටක් විදිහට අපි දියුණු වෙන්නේ. සිංහල ජන ප්‍රජාව සහ ව්‍යාපාරිකයන් දියුණු වෙනවා කියන්නේ රට දියුණු වෙනව කියන එකටයි. අපි මේ කියන්නේ මේ රටේ බහුතරයට එකතු වෙලා බහුතර ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කරන්න, ඒකට අතහිත දෙන්න කියලා. ඒක කොහේතම ජාතිවදය නෙවෙයි..“ ශ්‍යාම් කියන්නෙ එහෙමයි.

පහතින් තියන්නේ ඒ ගැන වැඩිදුරටත්“සිංහලේ වෙළද සංගමය“ පිටුවේ පලකරතිබූ අදහසක්

“මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරමු“ ඔයාලා කිව්වා… සමහරු වර්ජනය කරන්නත් ඇති. ඒත් ගොඩක් අය ඔයාලාට බැන්නා නේද?.

ව්‍යාපාර කරන්න මුස්ලිම් අය දක්ෂයිලු. ඒකට සිංහල ව්‍යාපාරිකයෝ ඉරිසියයිලු. ඒකලු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියන්නේ. සමහරු එහෙම කිව්වා. සිංහලයාට ඕන සුළු ජාතීන්ව පීඩාවට පත් කරලා ආයෙමත් ජාතිවාදී අරගලයක් ඇති කරන්නලු… සමහරු එහෙමත් කිව්වා. අන්තිමට ඒකෙන් වුණේ මේ ජාතික ව්‍යාපාරයට එකතු වුණ සිංහල බෞද්ධ උදවිය කුහක, ඉරිසියාකාර, ජාතිවාදීන් විදිහට හංවඩු ගැහුණු එක.

ඉතින් ඒ නිසා.

අපි නම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයට වඩා කරන්නෙ වෙන දෙයක්

ඒ …. අපි හැම වෙලාවෙම යන්නේ සිංහල කඩයකට විතරයි.

ඒ මුස්ලිම් ව්‍යාපාරිකයින් ගැන ඉරිසියාවකිනුත් නෙවෙයි, මුස්ලිම් ජාතිය ගැන තරහකිනුත් නෙවෙයි, ජාතිවාදයක් ඇති කරන උවමනාවකිනුත් නෙවෙයි.

මම මගේ ජාතියට ආදරේ නිසා.

මගේ ජාතියේ කෙනෙක් දියුණු වෙනවාට කැමති නිසා.

මං දන්නවා ඔයාලාත් මං වගේ. අපේ ජාතියට ආදරෙයි කියලා. අපේ ජාතිය දියුණු, ශක්තිමත් ජාතියක් වෙනවට කැමතියි කියලා. ඒ නිසා අපි සිංහල කඩ වලට යමු.
අපේ අයගේ කඩ වල ගණුදෙනු කාරයෝ වෙලා අපේ අයට දියුණු වෙන්න අවස්ථාව හදලා දෙමු.

දැන් මෙහෙම කිව්වාම, සමහර අයට මේවටත් කියන්න උත්තර තියෙයි.

මුස්ලිම් කඩ වල නැති දෙයක් නෑ. සිංහල කඩවල ගන්න කියලා දෙයක් නෑනේ.

ඉතින්…?

අපි තියන දෙයක් සිංහල කඩෙන් අරන් නැති දේ වෙන කඩේකින් ගමුකෝ.

අපි පොත් ලයිස්තුවක් ගන්න යනවා කියමු. සිංහල කඩේ තියෙන්නේ කොපි පොත් විතරයි. චිත්‍ර පොත් පාට පෙට්ටි නෑ. අපි මෙහෙම කරමු..සිංහල කඩෙන් තියන පොත් ටික අරන් එතන නැති දේ වෙන කඩේකින් ගමු. එතකොට අපේ සිංහල මුදලාලිටත් පුළුවන්කම ලැබෙයි ටිකින් ටික හැම දෙයක්ම තමන්ගේ කඩේට එකතු කරගන්න.

අපෝ. සිංහල කඩ වල බඩු ගණන් වැඩියි. මුස්ලිම් කඩ වල හැම දේම මිල අඩුයි. එහෙමත් කියනවානේ සමහරු
ඇත්තද..?
කොයි තරම් ගාන අඩුද?. මිලෙන් 75%ක්..? 50%ක්..? නැත්තම් 25%ක්..?

නැහැනේ. ඕන නම් අඩු වේවි රුපියලක් දෙකක්. වැඩිම වුණොත් රුපියල් පහක් නැත්තම් දහයක්.
ඒ රුපියලට දෙකට වඩා වටින්නේ නැද්ද අපේ ජාතියේ අභිමානය..? ජාතියේ දියුණුව..?

දන්නවාද? හැම මුස්ලිම් ජාතිකයෙක්ම තමන්ගේ ආදායමින් කොටසක් පල්ලියට දෙනවා..
තමන්ගේ ජාතියේ දියුණුව වෙනුවෙන්.. ඉතින්.. අපේ ජාතියේ දියුණුව වෙනුවෙන් රුපියලක දෙකක, නැත්තම් රුපියල් පහක කැප කිරීමක් කරන්න අපිට බැරි ඇයි..?

සිංහල ව්‍යාපාරිකයෝ ගණුදෙනු කාරයින්ට සලකන්න දන්නේ නෑ.. උන් ආඩම්බරයි.. එහෙම මතයකුත් තියනවා…
ඒත් ඇත්ත ඒක නෙවෙයි.. ඒ අපිට කාලාන්තරයක් තිස්සේ මවලා දීපු ප්‍රතිරූපය.. යන්න සිංහල කඩයකට.. ගිහින් බලන්න.. ඔයාලාත් සුහදව කතා කරලා බලන්න.. ඒ හිතවත් කමම ඔයාලාට ආපිට ලැබේවි..

සිංහලයාගේ හොද ගතිගුණ තාමත් නැත්තටම නැති වෙලා නෑ..
ඒත් හිතෙනවා නම් එයාලා ගණුදෙනු කාරයින්ට සලකන්නේ නෑ කියලා.. සිංහල වෙළද සැලේ මුදලාලිට කියන්න.. අපි මේ කඩේට එන්නේ උඹත් සිංහලයෙක් නිසා. සිංහලයෙක් දියුණු වෙනවාට කැමති නිසා.. සිංහලයෙක් සිංහලයෙකුට සලකන විදිහට හැම ගණුදෙනු කාරයෙකුටම සලකන්න කියලා.. ඔයාලාට බැරි නැහැ.. අපි මේ තරම් කාලයක් කී දෙනෙක්ව දැනුවත් කළාද..? හැමෝගෙන්ම බැනුම් අහගෙනම..

මේ දේ අපි කරන්නේ අපේ ජාතියට තියන ආදරේ නිසා..
තවත් ජාතියකට වෛර කරන එක වැරදියි තමයි..
එත් තමන්ගෙ ජාතියට ආදරේ කරන එකේ කිසිම වැරැද්දක් නෑ.

තමන්ගෙ ජාතිය සමෘද්ධිමත්, ශක්තිමත් ජාතියක් කරගන්න දායක වෙන එකේ, තමන්ගේ ජාතියේ මිනිහෙකුට දියුණු වෙන්න අත දෙන එකේ කිසිම වැරැද්දක් නෑ..
ඒ නිසා.. අපි මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන එක කෙසේ වෙතත් ඒ වෙනුවට.

අපේ සිංහල ව්‍යාපාර ශක්තිමත් කරමු..
අපේ දායකත්වයෙන් … අපේ එකමුතුවෙන්.

සිංහල ව්‍යාපාරිකයා කියන්නේ අපේම කෙනෙක් කියන හැගීමෙන් ඒ අයව ශක්තිමත් කරමු.

Related posts

යාපනය ශික්ෂණ රෝහලේදී පිරිමියෙකු ගැහැනියක කල ලිංගික සංක්‍රාන්ති සැත්කමක් සාර්ථක වෙයි

colombotoday

“ඈ පෑ නුරා” රිෂ්නි

colombotoday

පුංචි දැරියන් සහේට ගන්න ඉල්ලන “ෂරියා“ සෙට් එකට බුකියෙන් සම්බල් වෙන්නම වැදෙන හැටි

colombotoday

වෙලේ ක්‍රිකට් ගසා ලොව හෙල්ලූ “අග්ගලා” ගුණේගේ මීට කලින් නාහපුවා

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday