Colombo Today Local News

“කැප්පෙටිපොළ මහ නිළමේ ඇතුළු විරුවන් රාජද්‍රෝහී ලයිස්තුවෙන් ඉවතට !

2356965565වර්ෂ 1818 උඩරට කැරැල්ල මෙහෙය වු කැප්පෙට්ටිපොල අධිකාරම් ඇතුළු දේශප්‍රේමී නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සළකා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් 1818 ජනවාරි මස 10 වැනි දින නිකුත් කරන ලද ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ජනාධිපතිතුමන්ට නිර්දේශ ඉදිරිපත් කර ඇත.

1815 දී කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන් බවට පත් විමෙන් පසුව ඉංග්‍රිසි රාජ්‍ය‍යට එරෙහිව 1818 වර්ෂයේදි උඩරට සිංහල නායකයන් විසින් දියත් කරන ලද ජාතිය බේරා ගැනිමේ සටන බ්‍රිතාන්‍ය රජයට එරෙහිව දියත් කළ රාජ්‍ය ද්‍රෝහී කැරැල්ලක් ලෙස සලකා පරාජයට පත් කිරීමෙන් අනතුරුව එම ජාතික සටනට සම්බන්ධ ප්‍රධාන නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සළකා එවකට ඉංග්‍රිසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් කටයුතු කර තිබේ.

ඒ අනුව රොබට් බ්‍රවුන්රිග් විසින් කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුලු සිංහල නායකයන් 19 දෙනෙකුගේ නම් 1818.01.10 අංක 851 දරන ලංකා ගැසට් පත්‍රයේ පළ කරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර ඇත.

මෙම ගැසට් පත්‍රය නිකුත් කර වසර 200කට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර එම ගැසට් පත්‍රය මේ වනවිටත් අවලංගු කර නොමැති නිසා අමාත්‍යවරයා මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බව රජය සදහන් කරයි.

1815 ඉංග්‍රිසින් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගැනිමෙන් පසු සිංහල නායකයන්ගේ උපදෙස් මත පරිපාලන කටයුතු මෙහෙය වන බවට ගිවිසුම් ගත වු නමුත් වසර තුනකටත් වඩා කෙටිකාලයක් තුළ උඩරට නායකයන් සමඟ එළඹුනු ගිවිසුම් උල්ලංඝනය කරමින් බ්‍රිතාන්‍යයන්ට රිසි ලෙස දැඩි පාලනයක් ගෙන ගියේය.

ceylon-gazatte

එම පාලනයට එරෙහිව ඉංග්‍රිසින්ගෙන් රට බේරා ගැනිම සඳහා කැප්පිටිපොළ දිසාවේ කිව්ලේගෙදර මොහොට්ටාලේ ගොඩගෙදර රටේ අධිකාරම් ඇතුළු සිංහල සෙන්පතියන් විසින් මෙහෙයවන ලද ජාතික සටන පරාජය විමෙන් අනතුරුව ඔවුන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ.

මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනාධිපතිතුමන්ට නිර්දේශ ඉදිරිපත් කරමින් මෙම නායකයන් හා ඔවුන්ගේ පවුල්වලට බ්‍රිතාන්‍ය රජය යටතේ සිදු වු පීඩාවන්වලට සාධාරණයක් ඉටු කර ඔවුන් ශ්‍රී ලංකාවේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් කළ ජාතික වීරවරයන් ලෙස පිළි ගැනිමට ලක් කිරීම සඳහා මෙම පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මේ අනුව 1818 ජනවාරි 10 වන දින අංක 851 දරණ ගැසට් පත්‍රය මගින් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් රාජ්‍ය ද්‍රොහීන් ලෙස නම් කළ කැප්පිටිපොළ දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ, යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ,කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙලා රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේ මල්හෙයායේ ගමැතිරාලේ යන සිංහල නායකයන් මේ අනුව ජාතික වීරවරයන් ලෙස නම් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි.

උඩරට කරැල්ලට සම්බන්ධ වු කැප්පෙට්ට්පොල මහ අධිකාරම් ඇතුළු අනෙකුත් උඩරට නායකයන්ගේ පවුල්වලට සම්බන්ධ යම් තොරතුරක් හෝ එම පරපුරවලින් පැවතෙන ඥාතීන් හෝ ඥාතී සමුහයන් ඇත්තේ වී නම් එම පවුල්වලට අදාල තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ලබ දෙන්නැයි ද අධිකරණ අමාත්‍යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

කොත්තු මිල පහළට

Admin

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට හෙට සිට භූමිතෙල්

Admin