Colombo Today Local News

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

jayalalitha232තමිල්නාඩු මහඇමතිනී ජයයලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් උතුරු පළාත් සභාව අද ශෝකය පළකර තිබෙනවා.

එහිදී ඇය පිළිබදව ප්‍රකාශයක් කළ මහඇමති සී.වී. විග්නේෂ්වරන් සභාව විනාඩි 10කට කල්තබා තිබෙනවා.

ජයලලිතා ජයරාම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ද ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ ජනතාව ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සදහන් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

මේ අතර, අද පාර්ලිමේන්තුවේදී දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් අභාවප්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් ශෝකය පළ කිරීමේ ප්‍රකාශයක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබෙනවා.

එසේම ඇගේ මරණය සැලවූ විට මහත් සේ ශෝකයට පත් වුනු ලංකාවේ වතුකර ජනතාවද ඇය වෙනුවෙන් ශෝක වෙමින් ආශිර්වාද පූජාවන්හි නිතර වූ බව වාර්තා වනවා.

 

Related posts

දරු ප්‍රසූතියට ගිය කොවිඩ් ආසාදිත මවගේ දරුවා මෙලොව හැර යයි

colombotoday

නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ගැසට් පත්‍රයක්

colombotoday

ඇලෝසියස්-පලිසේන රිමාන්ඩ්

colombotoday

මරණ දඩුවම නියම වූ වෙලේ සුදා නිදෝස් කොට නිදහස් කෙරේ

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලිය නෑ

Admin