Colombo Today Local News

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

236596786පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා මෙසේ අදහස් පල කලේය.

මීලග මහ විරු දිනයට මෛත්‍රී – රනිල් සැමරීමට කොටි හිතවාදීන්ට යෝජනාවක්

වසර තිහක් යුධ කරලත් ඔහුට ජාතික ගීය දෙමලෙන් ගායණා කරවන්න බැරි උනා. අද මේ රජය ඒකත් ඉටු කරල දීල තියෙනවා.

ප්‍රහාකරන්ගේ බිහිසුණුම කොටි සාමාජිකයන් හමුදා අත් අඩංගුවට පත් උනාම ඔවුන් නිදහස් කරගන්න එදා ප්‍රභාකරන්නට බැරි වුනා. අද සිරසේන මහත්තයගෙ වික්‍රමසිංහ මහත්තයගෙ අනුහසින් අද මේ රජය එයත් ඉටුකර දෙමින් ඉන්නවා.

කොටි සංවිධානයේ හිටපු නායකයෙක් වෙච්ච කරඅණා අම්මාන් කොටි සංවිධානය අත්හැරල ඇවිත් රජයේ හමුදා හා එක් වෙලා කොටි පරදන සටනට දායක වුණා. ඒ නිසා ඔහුව ඝාතනය කරන්න කොටි සංවිධානය බොහෝ උත්සහ කළා. නමුත් ඔවුන් අසාර්ථක වුණා. නම්ත් මේ රජය වාහන අවභාවිතාව කියන චෝදාන එල්ල කරමින් ඔහුව අත් අඩංගුවට අරගෙන කොටි හිතවාදීන්ව සතුටු කර තිබෙනවා. එදා ප්‍රභාකරන්ට බැරිවෙච්ච දේ අද බොහොම ලේසියෙන් සිරිසේන වික්‍රමසිංහ හවුල ඉටුකර දී තිබෙනවා.

පොලිස් විශේශ කාර්ය බලකායේ සරචන්ද්‍ර මහත්තයත් වාහන අව භාවිතා චෝදන මත අද බනදනාගාර ගත කරල තියෙන්නේ ප්‍රභාකරන්ටත් බැරි වුණු තවත් කාර්යක් ඉටු කරමින්.

යුධ ජයග්‍රහනයේදී සුවිසේශි කාරයක් කල හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත් අඩංගුවට ගනිමින් බුද්ධි අංශ ප්‍රධානී ප්‍රසාද් සලේ මහත්තයව එම ධූරයෙන් ඉවත් කරමින් මේ සම්බන්ධන්ගේ විග්නේෂ්වරන්ගේ අවශ්‍යතාවයන් නේද මේ ඉටු කරමින් යන්නේ. ලංකාවේ බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමට වේළුපිල්ලේ ප්‍රභාකරන්ට කවදාවත් නොහැකි උනත් ඒවා මේ රජය යටතේ සිදු වෙමින් පවතිනවා.

ඒ වගේම එදා වේළුපිල්ලේ ප්‍රභා කරන්ට තිබුණ ලොකුම හිසරදය තමයි සාලාව අවි ගබඩාව. නමුත් කොටි සංවිධානයට එය කිසිදා විනාශකරගන්න බැරි උනත් මේ රජයේ පාලන සමයේ එය අළු දූලි ගොඩක් බවට පත්වෙනවා. සාලාවට සිදු වූ දෙය අදටත් අභිරහසක්.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් මේ සියළු දෙනාම නොයෙක් අභූත චෝදනා එල්ල කරමින් උසාවිගෙන යමින් එෆ් සී අයි ඩී ගෙන යමින් මේ කරන්නේ ප්‍රහාකරන්ටත් කර ගන්න බැරි උනු දෙයක් නේද?

වසර 30 ක් යුධ කරලත් ප්‍රභාකරන්ට දිනා ගත නොහැකි වූ ඊලම යෝජිත නව ව්‍යවස්ථාව හරහා කොටි හිත වාදීන්ට දිනා දීමට මේ රජය අද උත්සහ දරමින් සිටිනවා.

මේ අනුව ප්‍රභාකරන් වසර 30 ක් පුරා ජීවිත දහස් ගණනින් කැප කර ලබාගත නොහැකි වූ දේ අද මේ ර ජය කිසිදු ලේ සෙල වීමකින් තොරව කොටි හිත වාදීන්ට ලබා දෙමින් සිටිනවා. ඒ නිසා මේ දෙමළ ඊලම වෙනුවෙන් සිහින මවන දෙමල ඩයස් පෝරාව ඇතුළු කොටිහිත වාදීන් සියළු දෙනාට කියනවා මීලග මහවිරු දිනයයේදී ප්‍රශාකරන්ව සමරන්න එපා. මොකද ඔහු දිනා දුන් දෙයක් නෑ. මීලග මහ විරු දිනයේදී ජනපති සිරිසේන මහතාවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවත් කිලිනොච්චියට එක්ක ගිහිල්ල මල් මාලා දාල සමරන්න. මොකද ප්‍රභාකරන්ටත් දෙමල බෙදුම්වාදය වෙනුවෙන් දිනා දිය නොහැකි වූ දේ දිනා දුන්නේ ඒ දෙපල තමයි.

– අරවින්ද අතුකෝරල

Related posts

ඇමති ජෝන් පල්ලියක් හදන්න ගල්ගමුවේ වැව් රක්ෂිතයකට විදියි

colombotoday

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

පරදින බව දැන දැනම මහින්ද ගත් අවාසිදායක දේශපාලන තීන්දුවක් ගැන ගෝඨා කියයි (Video)

colombotoday

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

Admin

(VIDEO) ‘තිත්ත බේත් අපට එපා.. තොපිම බීපියව්’ වාසුගෙන් සැර කතාවක්

colombotoday

රැඳවුම් භාරයේ සිටියත් කංජිපානිගේ කුඩු ජාවාරම් ක‍්‍රියාත්මකයි

colombotoday