Colombo Today Local News

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරුවන් විසින් එහි වහලය ගලවාගෙන ගිය පුවතක් වාර්තා වෙයි.

මෙම සිදුවීම වී ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද මාර්ගයේ නිවසකය.

අදාළ පුද්ගලයන් වසර 9ක සිට එම නිවසේ කුලී පදනම මත පදිංචි වී සිට ඇත.

කෙසේ වෙතත් පසුගිය වසරේදී නිවසේ අයිතිකරු විසින් නිවසෙන් පිටව යන ලෙස ඔවුන්ට දැනුම්දී තිබේ.

නමුත් කුලී පදිංචිකරුවන් පවසන්නේ රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම කාලයේදී රට වසා දැමීමත් සමඟ ඔවුන්ට නිවසින් පිටව යාමට නොහැකි වූ බවය.

පසුව නිවෙස් හිමියා පැමිණ කුලී නිවැසියන් සිටියදී අදාළ නිවසේ වහලය ගලවා දමා තිබේ.

කෙසේ වෙතත් වහලය ගලවා දැමීම නිසා නිවස තුළ තිබී බඩු සියල්ල වර්ෂාවට තෙමී විනාශ වී ඇති අතර එහි වෙසෙන පිලිකා රෝගී වයෝවෘද්ධ මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටියි.

Related posts

රූපවාහිනි සංස්ථාවට නව සභාපතිවරයෙක්

colombotoday

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

colombotoday

පාතාල බිය අධිකරණයටත් දැනෙයි.. රට පුරා සියලු අධිකරණවල ආරක්ෂාව තර කරයි

colombotoday

රුවන්වැල්ලේ ගංවතුරට කොටුවූ පිරිසක් මුදා ගනී

colombotoday