Colombo Today Local News

අධ්‍යාපනයට මුදල් වෙන් කළත් වැඩක් වෙලා නෑ.. ජනපතිගෙන් අකිලට රතු එළියක් !!

අධ්‍යාපනය සඳහා කොතෙක් ප්‍රතිපාදන වෙන් කෙරුණ ද පාසල්වල පවතින මූලික අවශ්‍යතා ඉටු නොවීම බරපතළ ගැටලුවක් බවත්, වෙන් කෙරෙන ප්‍රතිපාදන වැය කළ යුතු ප්‍රමුඛතා හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට වසර 50 ක් පිරීම වෙනුවෙන් පැවති සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වෙමිනි.

පසුගිය වසරේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් අවශ්‍ය පමණට වැඩි බැවින් වෙනත් විෂයයන් සඳහා යෙදවීමට ඇතැම් පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් අවසර ඉල්ලා සිටි බවත්, එතරම් මුදල් ලැබී තිබියදී පවා බොහෝ පළාත් පාසල්වල වැසිකිළි කැසිකිළි, ඩෙස් බංකු වැනි මූලික අවශ්‍යතා පවා සම්පූර්ණ වී නැති බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එවක 1967 වසරේ කොළඹ ජනප්‍රිය පිරිමි පාසල් වෙත පැවති අධික තදබදයට විසඳුමක් ලෙස අයි.එම්.ආර්. ඊරියගොල්ල මහතාගේ මූලිකත්වයෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ආරම්භ කෙරුණු අතර ඉතා කෙටි කාලයක් තුළ එය ඉතා ජනප්‍රිය පළමු පෙළ පිරිමි විද්‍යාලයක් බවට පත් කිරීමට ඩී. එස් සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති අයි.ආර්.ටී. අලස් මහතා සමත් විය. සියලු ජනවර්ග සහ ආගමික ඇදහීම්වලට අයත් දරුවන්ට සමානයින් ලෙසට අධ්‍යාපනය ලැබිය හැකි සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රමුඛ බාලක පාසලක් වන ඩී.එස්. සේනානායක විද්‍යාලය වාර්ගික සහ ආගමික සංහිඳියාව පිළිබඳ උණුසුම් ආදර්ශයක් සපයන අධ්‍යාපන ආයතනයක් ද වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ලේ සමරු ඵලකය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

Related posts

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

හූ කීවේ අපි නෙවෙයි.. පිටින් ආපු අයයි.. වැඩේ සවුත්තුයි – මහින්දානන්ද

colombotoday

රංගේ ඇමතිගේ පුතා රජයේ වාහනයක් අවභාවිතා කරයි.. බීමතින් ගොස් හප්පා හතරක් රෝහලේ

colombotoday

මහපොළ 1000 කින් වැඩිකරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

colombotoday

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම සාමාන්‍ය පරිදි.. – ගුවන් තොටුපොළ බලධාරීන්

colombotoday