Colombo Today Local NewsHot News

කොටින්ගේ සමූල ඝාතන හා ලංකා රජයේ නොහැකියාව.. දස වසරකට පසු ජෙගන් හෙළිදරව් කළ තිත්ත ඇත්ත

පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 34 වෙනි සමුළුවට සහභාගි වූ අවස්ථාවේ වසර දහයකට පසු ජෙගන් විසින් විශේෂ හෙලිදරව්වක් සිදුකලේය. දීර්ඝකාලයක් තිස්සේ LTTE යේ මිලේඡ්චත්වයට පත් මාධ්‍යවේදියෙකු වූ ජෙගන් ඉතා සුවිශේෂ ස්ද්ධියක් හෙලිදරවූ කරමින්, මෙම සිද්ධිය LTTE සංවිධානයේ බොරු ප්‍රචාරයන් හා රජයේ නොහැකියාව දැඩිසේ විවේචනයට ලක්කරවීය.

LTTEයේ අසත්‍ය ප්‍රචාරයන් කෙසේ පරාජය කලයුතුදැයි “ඉලංකෙයි නෙට්” හී පලවූ ලිපියේ සිංහල පරිවර්ථනය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් 34 වෙනි සමුළුව නිමා වූයේ ලංකාවේ දෙමළ ජනතාව “සමූල ඝාතනය” කලායැයි LTTE නාටකයට කෙටි විරාමයක් තබමිනි. එය එලඹෙන සැප්තැම්බර් මාසයේදී නැවත වරක් අපට දැක බලාගත හැකිවනු ඇත. පසුගිය මාර්තු මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව ආරම්භයේ සිටම ලංකාවේ දෙමළ වැසියන් සමූල ඝාතනයක් සිදුකර ඇති බව ලෝකයාට ඒත්තු ගැන්වීමේ අරමුනින් LTTE හිතවාදින් විසින් ඡායාරූප ප්‍රදර්ශණයක් පවත්වාගෙන ගියේය. මෙය සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය තෝරාගෙන තිබුනේ ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කරමිනි. මෙහි LTTE හිතවාදින් විසින් තාවකාලික කුටි කිහිපයක් ඉදිකර ඒතුල හා ඒ අවට මෙම ඡායාරූප ප්‍රදර්ශණයක් පවත්වාගෙන ගියේය. මෙහිදී මියගිය දමිළ තරුණියන් හතලිහකගේ පමණ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ඔවුන් කියාසිටියේ මෙය දෙමළ සමූල ඝාතනයේ තවත් එක් පැතිකඩක් බවයි. මෙය ලෝකයාට ඒත්තුගැන්වීම සදහා ඔවුන් නැරඹීමට පැමිනෙන්නන් සදහා වාචිකවද කරුණු ඉදිරිපත් කලේය.

මෙහිදී “සෙන්චෝලෙයි” අනාථ කඳවුරේ සිටි තරුණියන් පනස් තුන්දෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුඳා ප්‍රහාරයකින් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක්ද ගෙන ගියේය. නමුත් මෙම තරුණියන් මියගියේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරකට එල්ලකරන ලද ගුවන් ප්‍රහාරයකිනි. එහත් LTTE ය මෙහි සත්‍ය වසන්කොට එකී ප්‍රහාරය ගුවන් හමුඳාව විසින් අනාථ කඳවුරකට එල්ලකරන ලද ප්‍රහාරයක් ලෙස සමාජගත කලේ LTTE යේ නිවට නියාළ බව ලොවට හෙළි කරමිනි. තවද මෙම ප්‍රචාරයෙන් දෙමළ ඩයස්පෝරාව හා සම්බන්ධ වර්ථමාන දෙමළ තරුණ පරපුරට යම් වැරදි වැටහීමක් ලබා දී ඇත. ඒ වර්ථමාන පරපුර ගෙවන සුපිරි ජීවීත සමග මෙවැනි අකටයුතු කම්වලට ලක්වූ තරුණ ජීවිත සංසන්ඳණය කිරීමයි. එහිදී ඔවුන් තුල දැඩි වෛරයක් ක්‍රෝධයක් නිර්මානය වන්නේ නිරායාසයෙනි.

එවැනි දැක්මකින් හෙබි තරුණ පිරිස් ශ්‍රී ලංකාව තුල රාජ්‍ය විරෝධී කල්ලි නිර්මානය කරමින් යම් යම් ප්‍රචන්ඩ ක්‍රියාවල නිරත වී සිටී. නමුදු ශ්‍රී ලංකා රජය LTTE යේ මෙම අසත්‍ය ප්‍රචාරයන්ට නිසි පිළිතුරු ලබාදී නොමැත. ලෝකයාට සත්‍ය තොරතුරු හෙලි නොකිරීමෙන් රජයේ නොහැකියාව මනාව ඔප්පුකර තිබේ.

මෙම ඡායාරූපවල සිටිනා තරුණියන් කවුද?.

1.පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය.
2.විශ්වමඩු මහා විද්‍යාලය.
3.උදයර්කට්ටු මහා විද්‍යාලය.
4.මුලතිවු මහා විද්‍යාලය.
5.කුමුලමුනෙයි මහා විද්‍යාලය.
6.විද්‍යානන්ද කල්යූරි
7.මුල්ලියවලෙයි මේමාලෙයි මහා විද්‍යාලය.
8.ඔට්ටිසුඩාන් මහා විද්‍යාලය.
9.ධර්මපුරම් මහා විද්‍යාලය.
10.පිරන්ඳනාරු මහා විද්‍යාලය.

යන් ගෙන් උසස් පෙළ හැදෑරූ ශීෂ්‍යාවන් වෙති. LTTE සංවිධානය බලෙන් “වල්ලිපුණම්” පුහුණු කඳවුරේ පුහුණුව ලබාදෙමින් සිටිය දී ගුවන් හමුඳා ප්‍රහාරයෙන් සිදුවූ ඝාතනයක් බව මුලු වන්නි ප්‍රදේශයම දැනගෙන තිබූ සත්‍යයි. නමුත් LTTE ය ඉතා සූක්ෂමව මෙම ලමුන් “සෙන්චෝලෙයි” අනාථ කඳවුරේ සිටියදී ගුවන් හමුඳා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් ලෙස ලෝකයා හමුවේ පෙන්වාදී ඇත. නමුත් සත්‍ය වශයෙන් මොවුන් “වල්ලිපුණම්” පුහුණු කඳවුරේ “කාළිමාස්ටර්” නැමැත්තා යටතේ සටන් පුහුණුව ලැබූ තරුණියන් වූහ.මෙහි කනගාටුම කාරණය වන්නේ මෙම කඳවුරේ පුහුණුකරු වූ “කාළිමාස්ටර්” නැමැත්තා තවමත් වන්නියේ නිරුපද්‍රිතව ජීවත් වීමයි.

මෙම ශිෂ්‍යාවන්ට ත්‍රස්ථ පුහුණුව ලබාදීම පිටුපස ඇත්තේ ඉතා සෝචනීය කථාවකි. එවකට වන්නි අධ්‍යාපණ දෙපාර්තමේන්තු නිලධාරින් හා ප්‍රදේශයේ විදුහල්පති වරුන් හා ගුරුවරුන් LTTE යට පක්ෂව කටයුතු කලේය. ඔවුන් පාසල් සිසුන් අනිවාර්යයෙන් ප්‍රථමාධාර පුහුණු ලබාතිබිය යතු බවත්, එම පුහුණුව ලබාගැනීමෙන් අනතුරුව ලබාදෙන සහතික පත්‍රය නොමැතිනම් පවත්වන කිසිදු විභාගයකට ඉදිරිපත් නොකිරීමේ කොන්දේසියක්(තර්ජණයක්) ඉදිරිපත් කර තිබුනි. එබැවින් මෙම කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමෙන් තම අනාගතයට සිදුවන හානිය අවම කරගැනීම සදහා අකමැත්තෙන් වුව මෙම පාඨමාලාවට එකතුවූ අවස්ථාවේදී මොවුනට ත්‍රස්ථ පුහුණුව ලබා දුනි. නමුත් කනගාටු විය යුතු කරුණනම් මෙම ලමයින් හට මෙවැනි කටයුතු සදහා බලකරනු ලැබූ අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරින්, ප්‍රදේශයේ විදුහල්පති වරුන් හා ගුරුවරුන් මෙතෙක් කල් කිසිදු ඳඬුවමකට ලක්නොවී සිටීමයි. එවන් කාල වකවානුවේදී තමන්ගේ දරුවන් බේරාගැනීම සදහා දෙමාපියන් UNICEF එකට පවා පැමිනිලි කලේය. එම අවස්ථාවේදීත් අධ්‍යාපන දෙපාර්තමේන්තු නිලධාරින් මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ස්වෙඡ්චාවෙන් එම ප්‍රථමාධාර පුහුනු පාඨමාලාවට එකතුවූ බව පවසමින් LTTE යට පක්ෂව කටයුතු කලේය.

දෙමාපියන්ගේ පැමිනිලි විභාගය සදහා පැමිනි UNICEF නියෝජිතයන් මෙම කරුණගැන LTTEයෙන් විමසූ විට ඔවුන් කියා සිටියේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ස්වෙඡ්චාවෙන් එකතුවූ බවයි. අනතුරුව UNICEF නියෝජිතයන් මෙම කරුණගැන අධ්‍යාපණ දෙපාර්ථමේන්තු බලධාරින්ගෙන් විමසූ විට ඔවුන්ද එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ස්වෙඡ්චාවෙන් එකතුවූ බව පවසා නැවත වරක් LTTEයේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටියේය. අවසානයේ මෙම ජීවිතක්ෂයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් රජයෙන් ලබාදෙනු ලැබූ වන්දි මුදල ලබාගැනීමට උත්සහකල අවස්ථාවේ LTTE ය ඔවුනට දැඩිලෙස විරුද්ධ විය. ඒ දෙමාපියන් විසින් මෙම මුදල ලබාගතහොත් LTTEයේ සැබෑ ප්‍රථිරූපය සමාජයට නිරුවත් වෙන බව දන්නා නිසාවෙන් දිගින් දිගටම එම මුදල ලබා නොගන්නා ලෙස දැඩි බලපෑම් එල්ලකලේය. නමුත් එම බලපෑම් වලට අවනත නොවූ දෙමාපියන් එම වන්දි මුදල ලබාගත්තේ LTTEය තුට්ටුවකටවත් මායිම් නොකරය.

මෙම සිදුවීමේදී අනෙක් කණගාටුවට කරුනනම් රජය මෙම සිද්ධිය වෙනුවෙන් නිසියාකාරව කටයුතු නොකිරීමයි. එසේ කලේනම් LTTEය විසින් ගෙනයන මෙම අසත්‍ය ප්‍රචාරයට නිසි පිළිතුරු හා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජීවිතක්ෂයට පත්වූයේ අනාත කඳවුරකදී නොවන බව හෙලිකිරීමට රජයට අවස්ථා තිබුනි. නමුත් රජය එම වගකීම පැහැර හැරියේය. තවද එම වන්දි මුදල් ලබාගත් දෙමාපියන් එම ප්‍රදේශවලම තවමත් සුවසේ වාසය කරද්දීත් පසුගිය රජය මෙම වගකීම පැහැර හැරි බව ප්‍රකාශ කරනවා විනා වර්ථමාන රජය මේ වනතෙක් කිසියම් කාලෝචිත ක්‍රියා මාර්ගයකට එලබ නැත. ඔවුන් සතු අභියෝගය නම් එලබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලුවට ප්‍රථමයෙන් මෙම දෙමාපියන් ලෝකයට හෙලිදරවු කොට LTTEයේ අසත්‍ය ප්‍රචාරය ලෝකයට හෙලිදරවූ කිරීමයි.

මෙම සිසුන් ඝාතනය වීම “දෙමළ සමූල ඝාතනයක් “ලෙස LTTEය ලොවපුරා ප්‍රචාරයක් ගනයයි. මෙහිදී මාගේ පැණය නම් “මෙම ඝාතනය දෙමළ සමූල ඝාතනයක් නම් මෙයට වගකිව යුත්තේ කවුරුන්ද ? යන්නයි. ශ්‍රී ලංකා ගුවන් හමුඳාවද? නැතහොත් මෙම ළමයින් බලෙන් රැගෙන ගොස් LTTEයේ මරමස්ථාන වලට එල්ලවන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සදහා මෙම දරුවන් පලිහක් ලෙස භාවිතාකල LTTE කොටි ත්‍රස්ත සංවිධානයද?

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මූලස්ථානය ඉදිරිපිට LTTE හිතවාදීන් පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශණට එක්කර තිබූ ඡායාරූප හා නාමලේඛනයන්…..

ජනිත් ඉෂාර FB

Related posts

සජිත් ප්‍රේමදාස ජනාධිපති වී සිටියානම් ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවැනි නොවන බව ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

colombotoday

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

colombotoday

විපක්ෂයට මූණ දෙන්න එජාපයෙන් සන්නද්ධ බළකායක් !… මන්ත්‍රීන් 18කට විශේෂ පුහුණුවක්

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday