Colombo Today Local News

ඉන්දීය ආධ්‍යාත්මික දේශක ශ්‍රී රවි ශංකර් ජනපති හා හිටපු ජනපති හමුවෙයි

දිවයිනේ සංචාරයක නිරත වී සිටින ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන ශ්‍රී රවිශංකර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුවුණා. ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදීයි.

ඉන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවූ ඔහු විශේෂ සළුවක් පළදවා ආශිර්වාද කර තිබෙනවා.

ඉන්දියාවේ සුප්‍රකට ආධ්‍යාත්මික දේශකයෙකු වන රවිශංකර් යුද්ධය පැවති සමයේ ත්‍රස්තවාදයට එරෙහිව අදහස් දැක්වූ පුද්ගලයෙකු ලෙසද ප්‍රකටයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් රවිශංකර් විසින් පැවැත්වූ දේශනයක් අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබුණා.

කෙසේ වෙතත් අරලියගහ මන්දිරයේ සෑම පෝය දිනකම පැවැත්වූ බෞද්ධ ආගමික වැඩසටහන නවතා දමා ඇති පසුබිමක ඉන්දීය ආගමික දේශකයෙකු ගෙන්වා අරලියගහ මැදුරේ පූජා පැවැත්වීම සම්බන්දයෙන් අගමැතිවරයාට දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.

වෙනත් ආගමික උත්සවලට සමගාමීව අරලියගහ මැදුරේ ආගමික වැඩසටහන් සංවිධානය කෙරුණද මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කිසිදු ආගමික වැඩසටහනක් අරලියගහ මැදුරේ සංවිධානය කර නොමැති බවයි වාර්තා වන්නේ.

d4080146dcab63095bec639499450040_XL

ravishankar-mahinda

Related posts

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

යුද අපරාධ සිදු කළැයි මේජර් ජෙනරාල් චාගිට ඕස්ට්‍රේලියාවේ වීසා ලබා දීම අත්හිටුවයි

colombotoday

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

සංහිදියා පොලීසියට බොදු බලෙන් ටියුෂන් (Video)

colombotoday

“මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූවා නොව ඝාතනය කළා” – උඩුවේ ධම්මාලෝක හිමි

colombotoday

නව අගමැති දිවුරුම් දීම අද?

colombotoday