Colombo Today Local News

ප්‍රහාරයෙන් පහක් රෝහලේ.. නාවික හමුදාපතිට වැඩ වරදී !

1223265656

වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් විසින් දියත් කර තිබූ විරෝධතාවට නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.එයින් සේවකයන් පස් දෙනෙකු හා එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලැබීය.

මේ අතර සිද්ධිය අවස්ථාවේදී නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා මාධ්‍යවේදියෙකුට පහර දෙන අයුරු කැමරාවල සටහන්වී තිබුණු අතර ඔහු මෙලෙස පහරදීම සිදුකර ඇත්තේ වසරක සේවා දිගුවක් ඉල්ලා තිබියදී බව වාර්තා වේ. විජේරත්න මහතා ලබන පෙබරවාරි 22 වැනිදාට ඔහුට වසර 55ක් පිරෙන බැවින් සේවා දිගුවක් ඉල්ලා තිබේ.

අදාළ සේවා දිගුව ඉල්ලා ඇත්තේ ඉකුත් ජූලි 24 වැනිදා බව වාර්තා වේ. කෙසේවුවද නාවික හමුදාපතිවරයාට අදාළ සේවා දිගුව ලබාදීමට ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් කටයුතු කර නොමැති අතර ඇතිව තිබෙන සිද්ධිය හමුවේ කිසිසේතම එම සේවා දිගුව ලබා නොදෙනු ඇතැයි ආරංචිමාර්ග පවසයි.

ඔහුගේ හැසිරීම යහපාලන රජය අපහසුතාවයට පත් කිරීමට හිතාමතා සිදු කළ එකක් බවටද මේවන විට රජයේ ප්‍රධානීන්ගෙන් චෝදනා එල්ලවෙමින් තිබේ.

Related posts

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday

ජනතාවට තවත් කැපකිරීම් කරන්න වෙනවා ! – මහබැංකු අධිපති

Admin

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday

ජනපතිට එරෙහි NGO විරෝධතාවයට 9 දෙනෙක් පමණයි

colombotoday

ආනයනික බිත්තර ඉල්ලුම ඉහළට – තවත් දිස්ත්‍රික්ක 02කට බිත්තර බෙදයි

Admin