Colombo Today Local News

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

hibu232ඉස්ලාම් ආගමට දිගින් දිගටම එල්ල වන අපහාස නතර නොකරන්නේ නම් මුස්ලිම් තරුණයන් අවි අතට ගැනීම වැළැක්වීමට තමන් ඇතුළු මෙරට මුස්ලිම් දේශපාලනඥයින්ට නොහැකි වනු ඇතැයි පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසනවා.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉකුත්දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් ප‍්‍රකාශ සිදුකළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ආණ්ඩුව එවැනි තත්ත්වයන් වැළැක්වීමට කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇතැම් මුස්ලිම් සංවිධාන බුදු දහමට අපහාස වන අයුරින් සිදුකරන කි‍්‍රයා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා දරන මතය කුමක්දැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා. එහිදී අමාත්‍යවරයා පැවසුවේ එවැනි සිදුවීම් ඇතිවූ බවය. ඊට නීතිය ක්‍රියාත්මක වූ බවත්, ජමියතුල් උලමා සභාව කිසිදු වචනයක් කතා නොකරන්න යැයි ආගමිකයින්ට කියා ඇතිබවත් පවසනවා.

nethnews

Related posts

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 12ක් අත්අඩංගුවට

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

colombotoday

ඉස්ලාම් අන්තවාදීන් ආගමේ නාමයෙන් ලොවපුරා 13000ක් මරා දමලා…

colombotoday

කුරුණෑගල සජිත්ගේ රැස්වීමේ ලයිට් කපා ඇත්තේ අශෝක් අඹේසිංහගේ මස්සිනා

colombotoday