Colombo Today Local Newsextremism & terrorism activities

පාකිස්ථාන් අන්තාවදීන් රොත්තක් රටට ඇතුල් වේ.. කලින් හරවා යැව්වත් රාජ්‍යතාන්ත්‍රික වීසා අරන් අපහු ඇවිත් !

පාකිස්ථාන ඉස්ලාමීය දැඩිමතධාරී ආගමික කණ්ඩායමක් අද (04) අළුයම කටුණායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුල් වී තිබෙනවා. 

මෙම පිරිස් මීට පෙරද ලංකාවට ඇතුළු වීමට උත්සහා කිරීමේදී ආගමන විගමන නිලධාරීන් විසින් නැවත හරවා යවා ඇති අතර, මේ වතාවේ ඔවුන් පැමිණ තිබෙන්නේ පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ “එන්ට්‍රි“ වීසා තත්ත්වය යටතේය.

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් පවා මොවුන්ගේ පැමිණීමට කෙතරම් විරෝධයක් දක්වනවාද යත්, රාජකාරියෙත් තාවකාලිකව ඉවත්ව කවුන්ටර් වලින් බැහැරව ගොස් තිබෙන බවද පැවසේ.

මෙලෙස රාජ්‍යතාන්ත්‍රික වීසා බලපත් යටතේ මෙරටට පැමිණෙන පුද්ගලයන් හරවා යැවීමට ආගමන විගමන නිලධාරීන්ට බලයන් නොමැති අතර, ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හෝ විදේශ අමාත්‍යාංශයේ විශේෂ නියෝගයක් නොමැතිව මොවුන් පිටුවහල් කළ නොහැකිය.

මිලේච්ච ආගමික ත්‍රස්තවාදී කණ්ඩායම් බහුල පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය ඇතුළු මැදපෙරදිග රටවලින්, මෙරටට සංක්‍රමණය වීම් මේ වන විට ඉහළ ගොස් ඇති අතර, එලෙස සංක්‍රමණය වූ විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායම්වල පුද්ගලයන් තාවකාලික වීසා කාලසීමාව ඉක්වූ පසුවත් අනවසරයෙන් මෙරට රැදී සිටිමින් මුස්ලිම් සමාජය තුළ බිහිසුණු අන්තවාදී ආගමිත මතවාදයන් ප්‍රචලිත කරමින් සිටින බවට තොරතුරු අණාවරණය ව තිබේ.

මෙවැනි අන්තවාදී කණ්ඩායම්වලට කිසිදු බෞද්ධ, ක්‍රිස්තියානි හෝ මධ්‍යස්ථ මුස්ලිම් රටවලට ඇතුළුවීම ඉඩ නොදෙන අතර, මෙරට පවතින දුර්වල ආගමන විගමන නීති හා රජයේ දියාරු ප්‍රතිපත්ති හේතුවෙන් ඕනෑම ආකාරයේ අන්තවාදියෙකුට, ත්‍රස්තවාදියෙකුට මෙරටට ඇතුළු වී නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩකඩ ලැබී ඇත. පසුගිය මාස තුන ඇතුළත පමණක් ඉස්ලාමීය අන්තවාදී කල්ලිවල සාමාජිකයන් 201 දෙනෙකු එලෙස ලංකාවට ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළිව ඇති අතර, මෙලෙස පැමිණෙන අන්තවාදීන් කුමන ක්‍රියාකාරකම්වල යෙදෙනවාදැයි මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැත.

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

Related posts

ස්වාධීන රතන හිමි භාර ගන්න හෙළ උරුමය සූදානම්.. හැබැයි එක කොන්දේසියක් !!

colombotoday

ආගමික කටයුතුවලට 50 කට වඩා එපා

colombotoday

පිටකොටුවේ පිටකොටුවේ ගින්නෙන් තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

Admin

ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල අහස උසට නගී

Admin

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday

සිරස FM මාධ්‍ය අනුග්‍රහයෙන් පැවති අවුරුදු උත්සවයක “කුක්කු බිමේ තරඟයක්”

colombotoday