Colombo Today Local NewsHot News

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ කිලිනොච්චියේ පිහිටි යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් පොලිසිය ආරම්භ කර ඇති පරීක්‍ෂණයට එම කඳවුරේ හමුදා නිලධාරීන් සහාය දැක්‌වීමට පසුබෑම නිසා පරීක්‍ෂණය කරගෙන යැමට නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත ඉදිරිපත් නොවන ලෙස ඉහළ හමුදා නිලධාරීන් තමන්ට නියෝග ලබාදී තිබෙන බව කිලිනොච්චිය පරවිපච්චාන් කඳවුරේ නිලධාරීන් පොලිසියට දැනුම්දී තිබේ. මෙම සිද්ධියට මුහුණ දුන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා නොගෙන මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට නොහැකි බව පොලිසිය පවසයි.

ඉකුත් 16 වැනිදා සවස 3.00 ට පමණ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වන ශ්‍රීධරන් සහ සුමන්දිරන් ඇතුළු සාමාන්‍ය වැසියන් පනහකට ආසන්න පිරිසක්‌ කිළිනොච්චිය පරවිපච්චාන් හමුදා කඳවුරට කඩා වැදී ඇත්තේ කිසිදු අවසරයකින් තොරවය.

ඔවුන් කඳවුරු භූමියේ ඉඩම් පරික්‍ෂා කරමින් පැය කීපයක්‌ අනවසරයෙන් එහි ගතකර පසුව පිටව ගොස්‌ තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ආඥපතිවරයා උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට පැමිණිල්ලක්‌ද කර තිබිණි.

ඒ අනුව සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා යොදවන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පරවිපච්චාන් කඳවුරේ ප්‍රධානියා සහ එහි ඇතුළුවීමේ ගේට්‌ටුවල සිටි නිලධාරීන්ට කිළිනොච්චිය පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක්‌ කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කටයුතු සඳහා සහභාගි නොවන ලෙස හමුදා ප්‍රධානීන් තමන්ට දැනුම්දීම නිසා ප්‍රකාශ ලබාදීමට නොහැකි බව එම නිලධාරීන් පොලිසියට දැනුම්දී ඇත.

හේමන්ත රන්දුනු – දිවයින

Related posts

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

colombotoday

නැප්තා නැතිව කැලණිතිස්ස ඇනහිටී

Admin

බොරතෙල් චෝදනාවට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනවා – කංචන විජේසේකර

colombotoday

නුවරඑළිය ලෝවර් ඩිවිශන් වත්තේ නිවාස 20ක් ගිනිගනී

Admin

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday