Colombo Today Local News

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

ravi 125

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට විරුද්ධව අද (08) යළිත් වරක් විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ 2016 වසරේදී අයවැය යෝජනාවක් ඉදිරිපත් කොට මාස තුනක් යාමටත් පෙර නව අයවැය යෝජනා ඇතුළත් “මිනි බජට්ටුවක්” නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගිය සිකුරාදා පැවති විශේෂ කැබිනට්ටුවේදී තීරණය වී ඇති බවයි.

ආදායම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද හා ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ නංවා රුපියල දිනපතා කඩාවැටීමෙන් විදේශ මුදල් සංචිතය බරපතළ තත්ත්වයකට ලක්ව තිබේ. එමෙන්ම ණය ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව නිශේධනාත්මක තත්ත්වයකට ලක්ව ඇතැයිද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

එමෙන්ම අබිරහස් ආයෝජන වශයෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනඒමටද මුදල් අමාත්‍යවරයා අනුමැතිය ලබාදී ඇතැයිද අධික ‍පොලියට ණය ලබාගැනීම මගින් ලංකාව ගෙවීම් අර්බුදයකට ලක්ව සිටින බවද ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයා පැවසීය.

මුදල් පිළිබඳව සම්පූර්ණ බලය හිමිවන ස්ථානය පාර්ලිමේන්තුව වුවත් මුදල් ඇමැතිවරයා හිතුවක්කාර ලෙස අධිකාරී බලයක් පාමින් ක්‍රියාකිරීම නිසා මුදල් අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.

Rivira

Related posts

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

රට දාලා වෙන රටකට යන්න එපා.. වසර දෙකක් මහන්සි වී පාලකයින් එලවා දැමීම පහසුයි – සුනිල් හඳුන්නෙත්ති

Admin

යුධ හමුදාපතිවරයාව මානව හිමිකම් කොමිසමට කැඳවයි. වරද මුලතිව් හී 64 සේනාංකය පන්සලක් ඉදිකිරීම

colombotoday

දූෂිත ඇමතිලා ගැන අගමැතිගේ තීරණය දැනුම් දෙයි !!

colombotoday

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday