මස් වර්ග විදේශයන්ගෙන් ආනයනය කිරීමේදී මෙතෙක් පනවා තිබූ බද්ද 60%කින් පමණ අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙම බදු සහනය ලබන සතිය පමණ වනවිට ක්‍රියාවට නැංවෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හරක් මස්, බැටළු මස්, එළු මස්, තාරා මස් ආනයනයේදී මෙලෙස බදු සහනය ලැබෙන අතර මෙරට සිදුවන සත්ව ඝාතනය අවම කිරීමේ පියවරක් ලෙස රජය මෙම තීරණය ගෙන ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com