Colombo Today Local News

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ රැඳී සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේ සැකකරුවන් අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා සහ අදාළ දැරිය නිවසට රැගෙන ආ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

පළපුරුදු හා විශේෂඥ දැනුම ඇති ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන්, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ බොරැල්ල පොලීසිය එක්ව කණ්ඩායම් කිහිපයක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙම විමර්ශනවලදී අනාවරණය වූ තවත් සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුව ද අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ බදියුදීන්ගේ නිවසේ මීට පෙර මෙහෙකාර සේවයේ යෙදී සිටි, දැනට 22 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Related posts

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

colombotoday

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 2366ක් දක්වා ඉහළට

colombotoday

ආපන ශාලාවක ගින්නකින් කොකියක් මිය යයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන්න 3/2 ගැනීම දවල් හීනයක් !!

colombotoday

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday