World

“ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මුළුමනින්ම වනසා දමනවා“ – පූටීන්

අයිසිස්‌ ත්‍රස්‌තයන් මුළුමනින්ම විනාශ කර දමන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර ඇත. රුසියානු තානාපතිවරයා ඝාතනය කිරීමේ ප්‍රතිඵලය කුමක්‌දැයි අයිසිස්‌ ත්‍රස්‌තයන් දැනගත යුතු බවද ඔහු කියා සිටියේය. මෙම ඝාතනය ගැන ඇස්‌කරා නුවරට ගිය රුසියානු පරීක්‍ෂක කණ්‌ඩායමක්‌ විමර්ශන අරඹා ඇති බවද හෙතෙම තවදුරටත් පළ කළේය. මෙකී ඝාතනය සිදු කිරීමට නියෝග දුන්නේ කවුද කියා අපි සොයාගත යුතු බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර මෙලමුට්‌ මර්ටි නමැති විශේෂ බළකා භටයා තුර්කි ජනාධිපති අර්බෝගන්ගේ පක්‍ෂයේ ක්‍රියාකාරිකයකු බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

ඔහුගේ පාදවලට වෙඩි කීපයක්‌ එල්ල කර බිම දැමීමෙන් පසු තුර්කි පොලිසිය ඔහුව අල්ලා නොගෙන වෙඩි තබා මරා දැමීම ගැන බරපතළ සැකයක්‌ මතු වී ඇත.

Related posts

කොවිඩ් ආසාදිත කැලෑ සත්වයෙක් ප්‍රථමවරට වාර්තා වෙයි.

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

Admin

කොවිඩ් උපත සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් උදව් ඉල්ලයි

colombotoday

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin