World

පිලිපීනයට ඇගිළි ගහන්න ආ මානව හිමිකම් හුසේන්ට, ජනපති තිත්ත කුණුහරුපෙන් බැණවදී (Video)

පිලිපීන ජනාධිපති ඩුටරේට් රොද්‍රිගෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරුට ප්‍රසිද්ධ වේදිකාවදී තිත්ත කුණුහරුපෙන් බැනවැදී තිබෙනවා.

ජනපතිවරයා ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහනට විරුද්ධව මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් අල් හුසෙන් කරන ලද චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පිලිපීන ජනපතිවරයා මෙසේ දැඩි ලෙස බැනවැදී ඇත්තේ එරට මත්ද්‍රව්‍ය නිවාරණ ස්වෙච්ඡා බළකායේ සාමාජිකයන් සදහා පැවති රැස්වීමක් අමතමින්.

එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න *** පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය.

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටියේ උබලා අපේ රටවලින් පාලනය කරන ආයතනයක් මෙන්ම අපේ මුදල්වලින් පඩි ලබන සේවකයින් බව මතක තියා ගත යුතු බවයි.

පිලිපීනය ලෝකයේ වැඩිම ජනගහනය වෙසෙන රටවල් 10 ක් එකක් වන අතර ඇමරිකානු යුද කඳවුරු කිහිපයක්ම එහි දූපත්වල පිහිටුවා තිබේ. එහෙත් එම රටේ පසුගිය කාලයේදී ඉතා දරුණු ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම වැඩි වී ඇති අතර එම උවදුර නිසා විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව මියයයි,

ශ්‍රී ලංකාවේ වසර 30ක් තිබු ලෝකයේ දරුණුතම කොටි ත්‍රස්තවාදී යුද්ධය නිමකිරීම මගින් ශ්‍රීලංකිකයන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකල මහින්ද රාජපක්ෂ ජනාධිපති ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානින්ට සහ එම රජය ගත් පියවර සම්බන්ධයෙන් අගය කිරීමක් නොකොට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරු තවමත් පරික්ෂණ පවත්වන අතර වර්තමාන ශ්‍රී ලංකා රජය ඔහුන් වන්දනිය තත්ත්වයට පත්කරගෙන සිටී.

අපේ රටේ රණවිරුවන්ට විරුද්ධව නිරන්තරයෙන්ම චෝදනා එල්ලකරමින් කොටි ඩයස්පොරාවේ මතවාදයට මුල් තැන දෙමින් ක්‍රියාත්මක වන එ.ජා මානව හිමිකම් කවුන්සලයට අසියාවේ ප්‍රධාන රටක රාජ්‍ය නායකයා මෙසේ ඇමතිම ශ්‍රී ලංකාවේ දෙශප්‍රෙමි ජනතාවට අස්වැසිල්ලකි.

විඩියෝව මෙතනින්

Related posts

නිව්යෝර්ක්‌ නිව්ජර්සි බෝම්බ පිපිරවූ මුස්ලිම් ජාතිකයන් 5ක් අල්ලයි

colombotoday

ඇෆ්ගනිස්තානයේ පාලනය “ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ලෙස තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්තයන්ට. “ඉල්ලා අස්වෙනු” ට්‍රම්ප් බයිඩන්ට කියයි.

colombotoday

බංගලාදේශයේ බෞද්ධයන්ගේ තත්වය දරුණු අතට. ඉස්ලාම් දැඩි මතදාරින්ගෙන් භික්ෂුන්ට සැහැසිකම්. විහාරස්තානවල ඉඩම් ද කොල්ල කති

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin