Colombo Today Local NewsNew Constitution

දෙමළ 49%ක් ඉන්න උතුරට ෆෙඩරල් දෙනවානම් කොටහේනට, වැල්ලවත්තටත් ෆෙඩරල් දෙන්න වෙයි !

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා පසුගිය බදාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී රණවිරුවන්ට පවතින ගැටලු පිළිබඳව සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයා දැනුවත් කළේය. වීරසේකර මහතා සමග මෙම සාකච්ඡාව සඳහා ආබාධිත රණවිරුවන් දස දෙනෙක්ද එක්ව සිටියහ. ඒ අතරට පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයකදී දෑස් අන්ධ වූ රණවිරුවාද එක්ව සිටියේය.
සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවැත්විණි.

“ජනාධිපතිතුමනි බලතල බෙදීම නිසා රටේ ඒකීය භාවය නැති වෙනවා. එහෙම වුනොත් රණවිරුවෝ දිවි පූජා කරලා කරපු කැපකිරීමත් හෑල්ලුවට යනවා“ සරත් වීරසේකර මහතා කීවේය.

“සරත් ඔයාලා බලතල බෙදන එකට විරුද්ධ නම් උතුරේ ප්‍ර‍ශ්නයට විසදුම දෙන්න පුලුවන් කොහොමද කියලා මට කියන්න.“ ජනාධිපතිවරයා විමසීය.

“සර් ඔය ප්‍ර‍ශ්නෙට මම අද රේඩියෝ චැනල් එකකටත් උත්තර දුන්නා. එතැනදි මම කිව්වා සිංහළ මිනිසුන්ට දෙමළ මිනිස්සුන්ට ලැබිලා නැති දෙයක් ලැබිලා තියෙනවා නම් කියන්න කියලා. හැබැයි දෙමළ මිනිස්සුන්ට තියෙන සිංහළ මිනිස්සුන්ට නැති දහයක් මට කියන්න පුලුවන් සර්. දෙමළ මිනිස්සු උතුරේ ඉන්නේ 49%යි. ඉතිරි අය ඉන්නේ දකුණේ. උතුරේ අයට ප්‍ර‍ශ්න තියෙනවා කියලා විසදුම් දෙනවා නම් දකුණේ ඉන්න දෙමළ මිනිස්සුන්ට ඒ ප්‍ර‍ශ්නෙ නැද්ද? උතුරට පෙඩරල් දෙනවා නම් කොටහේනෙත් වැල්ලවත්තේ ඉන්න දෙමළ මිනිස්සුන්ටත් ෆෙඩරල් දෙන්න වෙයිනේ“ සරත් වීරසේකර මහතා කීවේය.

ඒ අතරම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පිළිබඳවද වීරසේකර මහතා මෙහිදී ජනාධිපතිවරයාට පැමිණිල්ලක් කළේය.

“සර් ෆීල්ඩ් මාර්ෂල්තුමා යුනිෆෝම් ඇඳගෙන පාසින් අවුට්වලට යනවා. සේනාධිනායකයා හැටියට ඔබතුමා ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද? සර්ට ඇඩ්වයිස් දෙන්න කවුරුත් නැතිව ඇති. හැබැයි සර් යුනිෆෝම් අඳින්නේ නිත්‍ය හමුදාවේ ඉන්න අය විතරයි. නිත්‍ය හමුදාවේ ඉන්න කෙනෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බෑ“ වීරසේකර මහතා කීවේය.

“මම ඒ ගැන හොයලා බලන්නම්. එතුමා මගෙන් ඇහැව්වේ ඇමති විධියට යන්නයි.“ ජනාධිපතිවරයා කීවේය.

රිවිර

Related posts

ජාත්‍යන්තරයට යන නිල් කටරොළු

Admin

දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්

colombotoday

ඥණසාර හිමි අත්අඩංගුවට නොගත් නිසා වයඹ DIGට දඩුවම් මාරුවක් !!

colombotoday

සියල්ල හෙළි වේ… කිඹුලා ඇලට වැටුණු සුපිරි රථය ඇමති කබීර්ගේ ”බැදුම්කර” ගනුදෙනුවට සම්බන්ද ඥාතියෙකුගේයි

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනෙක්

colombotoday

“සයිටම් දරුවගෙ අප්පච්චී මහින්දයි.. දැන් උප්පැන්නෙ දෙන්න බෑලු“ – අමුණුගම

colombotoday