Colombo Today Local News

වැඩි මිලට සිමෙන්ති විකුණු ව්‍යාපාරිකයෙකුට වැඩ වරදියි

වැඩි මිලට සිමෙන්ති අලෙවි කළ මාතලේ, අලුවිහාරේ ප්‍රදේශයේ වෙළෙඳසැලක් අද(27)දින පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.

මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් ප්‍රධානී රේනුක පෙරේරා මහතා සඳහන් කළේ, එම සිමෙන්ති අලෙවි කළ ව්‍යාපාරිකයාට නඩු පැවරීමට පියවර ගන්නා බවය.

රුපියල් 1098 ක මිලකට අලෙවි කළ යුතු සිමෙන්ති කොට්ටයක් සැකකාර ව්‍යාපාරිකයා රුපියල් 1600 කට අලෙවි කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය.

සැකකරු සතුව තිබූ සිමෙන්ති කොට්ට 35 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය භාරයට ගෙන තිබේ.

Related posts

කොටි වළ දැමූ රත්‍රං හා ආයුධ සෙවූ 4ක් අත්අඩංගුවට..

Admin

ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්‍රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක්

Admin

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතියේ දිවයිනට..

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

ස්කොට්ලන්ත සංචාරය නිම කර ජනාධිපති යළි දිවයිනට

colombotoday