Colombo Today Local News

මෛත්‍රී – මහින්ද වට්ටන්න රනිල්ගෙන් රහසිගත මෙහෙයුමක් !

එජාපයට සන්ධාන ගත වීමට අවශ්‍ය කරන සුළු පක්ෂ කිහිපයක් ආරම්භ කිරීමට සැලසුමක් ආරම්භ කර ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දිවංගත ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන් එක්ව පිහිටුවා ගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇතැයි පසුගියදා වාර්තා විය.

ඒ අනුව එම පක්ෂය ඉදිරියේ පවත්වන පළාත් පාලන මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණයද තනිව තරග කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර එලෙස සුළු පක්ෂ පිහිටුවීමේ මුල් පියවර වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නැවත සක්‍රීය කර පවත්වාගෙන යාමටත්, ඒ සඳහා සමාජයේ ඉහල පෙලේ සමාජ ක්‍රියාකාරීන් රැසක් සාමාජිකයන් ලෙස බඳවා ගෙන එජාපයට අවශ්‍ය කරන බලය ගොඩනැගීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් සකස් කරගෙන යන බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ක්‍රියාකාරීව පවත්වාගෙන යාමට මීට සති කිහිපයකට පෙර මොරටුමුල්ල ප්‍රදේශයේ එම පෙරමුණේ වත්මන් ලේකම්වරයාගේ නිවසේදී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා ඇත.

එජාපය සුළු පක්ෂ හදයි

මෙම පෙරමුණ එජාපය සමග එක්ව පවත්වාගෙන නොයන බවට ඒත්තු ගැන්විය යුතු බවට අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගනිමින් පිහිටුවා ගත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට පවා සන්ධාන ගත වීමට සුළු පක්ෂ විශාල සංඛ්‍යාවක් තිබුණද, එක්සත් ජාතික පක්ෂයට එවැනි සුළු පක්ෂ නොමැති වීම හේතුවෙන් එජාපයට හිතවත් සුළු පක්ෂ රැසක් බිහිකරගත යුතු බව අගමැතිවරයාගේ අරමුණ වී ඇත.

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලු ප්‍රතිපාදන එක්සත් ජාතික පක්ෂය විසින් ලබාදෙන බවත් එම පෙරමුණ ඔස්සේ මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට විශාල මුදලක් ලබා දෙන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිපයට හා මහින්ද රාජපක්ෂ මහතා පිහිටුවාගත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට අභියෝග කළ හැකි පෙරමුණක් පිහිටුවා ගැනීමට එජාපය සැලසුම් කර ඇත.

ශ්‍රීලනිප අර්බුදය

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හටගෙන ඇති අර්බුදය හේතුවෙන් ඉදිරි මැතිවරණයේදී එජාපයට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වීම හේතුවෙන් මහින්ද පිල හා මෛත්‍රී පිල වෙන වෙනම සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට මේ වන විටත් වාමාංශික පක්ෂ රැසක් සහය පල කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව ශ්‍රීලනිපයේ බහුතරයක්ද හිටපු ජනාධිපතිවරයා වටා එක්වන බව වාර්තා වේ.

ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරි මැතිවරණයට මුහුණ දෙන බව මේවන විට ප්‍රකාශ කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වී ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ටද ශ්‍රීලනිප තනි ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කර ඇත.

-asianmirror.lk

Related posts

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

සෞඛ්යම අමාත්‍යංශයේ ආහාර උපදේශණ කමිටුව නීති අබාධිතයි! ආහාර පනත උල්ලංඝණය කරලා!

colombotoday

අවාරයේ ශ්‍රී පාදස්ථානයට යන දෙස් විදෙස් සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර ගන්න වෙයි

Admin

ෆෙඩරල් ගැන දෙමළ ජනමතය දැනගන්න සම්බන්ධන් උ/නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි

colombotoday

මොහු දුටුවොත් පොලිසියට කියන්න

Admin

බුර්කා තහනම්, මද්රසා තහනම්, ශරියා තහනම්… කතා දෙකක් එපා ! මේක අපේ රට….

colombotoday