Colombo Today Local News

මේ අවුරුද්දේ සිදුවන මහා පාවාදීම් තුනක් ගැන හෙළිදරව්වක් !

2017 වසරේ මුල් කාලයේදී මහා පාවාදීම් තුනක් සිදුවීමට නියමිත බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේය.

“මේ ආණ්ඩුව 2017 පාවාදීමේ වසර ලෙස නම් කරලා හමාරයි. ඒ නිසා 2017 වසර අපි පින්බිම සුරකින වසර ලෙස නම් කරනවා. මේ වසරෙදි ආණ්ඩුව මහා පාවාදීම් තුනක් කරන්න හදනවා. බොහෝවිට වසරේ පලවෙනි මාස 3 තුල මෙය සිදුවිය හැකියි. ඉන් පලමුවැන්න දෙමළ බෙදුම්වාදීන්ට අපේ රට පූජා කෙරෙන ෆෙඩරල් ව්‍යවස්ථාව ලබන මාර්තු මාසයේදී සම්මතකරගැනීමේ වෑයමක ආණ්ඩුව නිරතවෙලා ඉන්නවා. දෙවෙනි කාරණය තමයි මාර්තු මස වන විට එක්ටා ගිවිසුම අත්සන් කරලා ශ්‍රී ලාංකිකයන්ගේ රැකියා අවසථාවන් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කල ඉන්දියාවට පූජා කිරීමට නියමිතයි. තුන්වන කාරණය තමයි හම්බන්තොට චීනයටත් ත්‍රිකුණාමලය ඉන්දියාවටත් කොළඹ ප්‍රධාන ජැට් දෙකක් ඕස්ට්‍රේලියාව හරා ඇමරිකාවටත් ලබාදෙමින් මේ මව්බිම ලෝක බලවතුන් තුන්දෙනෙක්ගේ කෙළිබිමක් බවට පත්කිරීමටද නියමිතයි. මෙවැනි බලවතුන් සයිප්‍රසයේදී ලෙබනනයේදී වියට්නාමයේදී බල අරගල වල යෙදුනු හැටි දැක්කම අපිට පේනවා මේ බලවතුන් එන්නේ යන්න නෙමෙයි කියන එක. මේ අදුරදර්ශි හෙටක් ගැන නොසිතන ආණ්ඩුව මෙතනට තමයි මේ රට තල්ළුකරන්න හදන්නේ.“

මේ මහා පාවාදීම් තුන පරාජය කරන වසර බවට මේ වසර පත් කරගන්නට රටේ ජනතාව අධිෂ්ඨාන කර ගත්තොත් ඒ වෙනුවෙන් කැප උනොත් 2017 සුබ වීම කෙසේ වෙතත් අසුබ වීමනම් වලක්වාගන්න හැකිවේවි.

Related posts

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කිරීමට යෝජනාවක්

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

colombotoday

“ආදාහන බෑ. භූමිදානය ඕනි. ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්න.” මුස්ලිම් දේශපාලකයන් තානාපති කාර්යාලවලින් ඉල්ලයි.

colombotoday

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday