Colombo Today Local News

ඉදිරි සතියේ සහල් මිල අඩුවෙයි – වැඩි මිලට විකිණුවොත් ලක්ෂයක දඩයක්

සම්බා සහ කීරි සම්බා මිල ලබන සතියේ රුපියල් 50 ත්75 ත් අතර ගණනකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

සහල් වැඩි මිලට විකිණුවහොත් රුපියල් ලක්ෂයක් දඩ ගසන නීතිය ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසුව අදාල සහල් මිල නියම කරන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

රටේ සියයට අසූවක් පමණ ජනතාවක් පරිභෝජනය කරන නාඩු සහල් මිල රුපියල් 100ට අඩු මට්ටමකට ගෙන එන බව ද අලුත්ගමගේ මහතා පවසන අතර වී මිල සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමග එකගතාවයකට පැමිණි අයුරින් ලබන සතියේ දී සහල් මිල සම්බන්ධයෙන්ද ගිවිසුම් අත්සන් කරන බවද අලුත්ගමගේ මහතා පවසයි,

මේ අනුව ඉතිහාසයේ පළමුවරට හාල් මිල පාලනය සඳහා ආණ්ඩුව සක්‍රීයව දායක වන බවද ඔහු සඳහන් කරයි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි

colombotoday

යූරියා පොහොර නැවක් ලබන සතියේ දිවයිනට..

Admin

බැඳුම්කර මගඩියෙන් සිදුවූ පාඩුව රු. ට්‍රිලියනයකට අධිකයි – ඇමති යාපා යළි තහවුරු කරයි

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරුවෙක් මීගොඩදෙණියේදී අත්අඩංගුවට

colombotoday

සති දෙකක් ඇතුළත ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්.

colombotoday

රියැදුරු බලපත්‍රයටත් QR කේතයක්

Admin