Colombo Today Local News

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. දුමින්ද සිල්වාගේ රියදුරු මරුට !

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී හෙවත් බණ්ඩා නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ. අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක රැදී සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට ලක්වූ තැනැත්තාට එරෙහිව පුද්ගල ඝාතන දෙකක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

Related posts

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපතිට දඬුවම් ?

colombotoday

උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු සංශෝධනය කෙරේ

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

colombotoday

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට රන්ජන්ට අධිකරණය දුන් තීන්දුව

colombotoday

නිදහස (ස)මරන්න ලංකාවට ආ වෙල්ලස්‌ස සංහාරකයාගේ මීමුණුබුරු කුමාරයා

colombotoday