Colombo Today Local News

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

“ත්‍රිකුණාමලේ බුදු පිළිම ප්‍රහාරය පිටුපස ප්‍රබල ඇමතිගේ බළකායක්“ යන හිසින් යුතුව අප විසින් පළකරන ලද පුවතක් සම්බන්ධයෙන් ‘මහසෝන් බළකාය‘ නම් සංවිධානයක නිර්මාතෘ යැයි කියා ගන්නා අමිත් වීරසිංහ නමැති පුද්ගලයෙකු සමාජජාලා වෙබ් අඩවි ඔස්සේ විවේචන එල්ල කරමින් සිටින බව අප පාඨකයන් කිහිප දෙනෙකු විසින් දන්වා සිටින ලදි.

“Colombo today නැමැති වෙබ් අඩවියක් මගින් පසු ගිය දින වල ත්‍රිකුණාමලය හා ඒ අවට ස්ථාන හයක මුසළුවන් විසින් කඩා දැමුව බුදුපිළිම හයක වරද මහසොහොන් බලකාය මතට පටලවා දැමුවා“ (උපුටනය අමිත් වීරසිංහගේ මූණුපොත් ගිණුමෙන්) යැයි ඔහු චෝදනා කර තිබේ.

colombotoday වෙබ් අඩවියට චෝදනා කරමින් අමිත් වීරසිංහ නමැති පුද්ගලයා ප්‍රචාරය කරන පෝස්ටරය. මෙම සිදුවීමට කිසි සේත්ම අදාළ නැති ගෞරවණීය අරිසිමලේ නාහිමියන්ගේ ඡායාරූප තම ආවරණය සදහා යොදාගැනීමට උත්සහා කරයි.  

පුහුල් හොරා කරෙන් දැනේ !

ඉකුත් ජනවාරි 7වනදා ත්‍රිකුණාමලයේ ස්ථාන හතරක බුදු පිළිම වහන්සේලා කඩා බිද දැමීම සම්බන්ධයෙන් විමර්ෂණය කළ බුද්ධි අංශ තොරතුරු පදනම් කරගනිමින් අප විසින් පළකල ප්‍රවෘත්තියේ අදාළ සිදුවීම පිටුපස ප්‍රබල ඇමතිවරයෙකුගේ අනුග්‍රහය ඇති බලකායක් සිටින බවට සදහන් කර තිබුණද, ‘මහසෝන් බලකාය‘ නම හෝ අමිත් වීරසිංහ නම් පුද්ගලයෙකුගේ නම එම ප්‍රවෘත්තියේ සදහන් කර නොතිබිණි. එසේ වුවත් අදාළ පුවතේ සදහන් කරුණු තම හිස මත පටලවා‍ගෙන, තමන් සුද්දවන්තයන් යැයි පෙන්වීමට හදිසි වීම තුළින් අදාළ බලකාය චෝදනා පිළිගෙන තමන් විහින්ම නිරුවත් වී ඇති බව අපට හැගේ. 

කෙසේ වෙතත් ඕනෑම බළකායක්, සංවිධානයක්, පුද්ගලයෙක්, බැරිනම් ඕනෑම මළ යකෙක්  උතුරු නැගෙනහිර අසරණ වූ සිංහල ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් යුතුව පෙනී සිටිනවානම්, එම මැදිහත්වීම වාර්තා කිරීමටත්, අගය කිරීමටත් අපි කිසි ලෙසකින් පසුබට නොවෙමු. එසේ වුවත් ගිනිගෙන දැවෙන ජාතික අර්බුද බඩගෝස්තරය උදෙසා වවාගෙන කෑමටත්, යටිකූට්ටු දේශපාලන අරමුණු වෙනුවෙන් අවභාවිතයේ යෙදවීමටත් ඉඩ ලබා දිය නොහැකි බවටද අවධාරණය කළ යුතුය.

අදාළ පුද්ගලයා අපට ” පුල්මුඩේ පැත්තට ගිහින් බලන්න” යැයි යෝජනා කර සිටියි. ඒ සමගම “මහපොළොව තුල සටන් කරන මහසොහොන් බලකාය” නමැති “යක්ෂ බලකාය” සමග තරහ ඇයිදැයි විමසා සිටියි.

මාධ්‍යයක් වශයෙන් අපගේ වගකීම බොහෝ අවස්ථාවලදී අප ඉෂ්ඨ කර ඇත. නැගෙනහිර මුස්ලිම් අන්තවාදය සහ එහි වෙසෙන සිංහල ජනතාවට සිදුවන ගැහැට පිලිබදව අප වෙබ් අඩවිය ලොවට හෙළි කරන විට මෙම යක්ෂයන් බිහිව සිටියේද නැත. මොවුන් පුරසාරම් දොඩවන “පුල්මුඩේ, අරිසිමලේ” ඇතුළු නැගෙනහිර අනතුරට පත් බොදු උරුමය පිලිබදව මොවුන් දැනගන්නේද අපෙගේ හෙළිකිරීම් නිසා විය හැකිය. නැ‍ගෙනහිර පළාතේ සිදුවන මුස්ලිම් අන්තවාදී ක්‍රියා, පුරාවිද්‍යා සංහාරය, සිංහල ජනතාවට සිදුවන අසාධාරණකම් පිලිබදව අප තරම් වෙනත් කිසිදු මාධ්‍ය ආයතනයක් අනාවරණය කර ඇතැයි අප නොසිතමු. මාධ්‍යයතනයක වගකීම අප ඉතා හොදින් වටහාගන ඇත. අපගේ වගකීම අප ඉටු කරනවා මිස පුද්ගලයන් හා බලකා අපට අදාළ නොවන බවත්, ඔවුන් සමග කිසිදු පෞද්ගලික අමානාපකමක් නොමැති බවත් අවධාරණය කළ යුතුය.

අරිසිමලේ, සහ නැගෙනහිර හිස ඔසවන අන්තවාදය ගැන colombotoday මුල්ම අනාවරණය

Related posts

කොමිසමේදී ඇත්ත එළිවුණත් බැඳුම්කර හොරුන්ට නඩු නෑ.. දඩුවමුත් නෑ !

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

colombotoday

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක්

colombotoday

අරාබි රට වලට කසළ තේ යැවීමේ ජාවාරම පිටුපස නැව් සමාගමක ලොක්කෙක්

colombotoday