Colombo Today Local News

සෙනසුරු මාරුවෙයි.. ජනපතිගේ මාරක අනාවැකියත් මාරු වෙයි !

ජෝතිශවේදී විජිත රෝහණ විජේමුණි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් පලලකළ අනාවැකියක් දැඩි ආන්දෝලනයට ලක්විය. ඔහු ස්ථීර වශයෙන්ම ප්‍රකාශ කළේ 2017 ජනවාරි 27 වනදාට පෙර ජනාධිපතිවරයා මිය යන බවයි.

කෙසේ වෙතත් ඊයේ (17) විජිත රෝහණ මහතා තම ෆේස්බුක් ගිණුමේ පල කරා යැයි කියවෙන සටහනක් මේ වන විට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින අතර එහි දක්වෙන්නේ මේ මස 26 වනදා සිදුවනවායැයි කියන සෙනසුරු මාරුව නිසා ජනාධිපතිතුමාගේ මාරකය වැලකී ඇති බවයි. එමෙන්ම අප්‍රේල් මස 6 වනදා සිදුවන සෙනසුරු වක්‍ර වීමෙන් පසු, අප්‍රේල් 6 වනදාත් ඔක්තෝබර් 26ත් අතර කාලය තුල මාරකය සිදුවන බවද එමගින් පවසා ඇත. (මෙම සටහන මේවන විට ඔහුගේ ගිණුමෙන් ඉවත්කරගෙන ඇති බවද පැවසේ)

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ ජාලා ඔස්සේ අදහස් දක්වන බොහෝ දෙනෙකු විමසා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ මාරකය දුටු ජෝතිශවේදියාට ජනවාරි 26 සිදුවනවායි කියන සෙනසුරු මාරුව නොපෙනුනේ මන්ද යන්නයි.

Related posts

නාකොටික් නිලධාරීන්ගේ වැඩ ගැන පුළුල් විමර්ශනයක්

colombotoday

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි අරඹන්න තීරණයක්

Admin

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට ජාතිවාදී ප්‍රහාරයක්, පාලනාධිකාරිය නිහඩයි.. සිසුන්ගේ ජීවිත අනතුරේ !

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ නව සාමාජිකයන්ට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday