Colombo Today Local News

“උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ“ – FCID ඉදිරිපිට විරෝධතා

”උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ” යයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් අද (18) FCID ඉදිරිපිට පැවති විරෝධතාවයෙදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු එබව කියා සිටියේය.

එම උද්ඝෝෂණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

නියෝගය දීලා අදට දින 8ක් :

” ජනවාරී මාසයේ 10 වැනිදා කොටුව මහෙස්ත්‍රත් උසාවියේ දී නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දුන්නා විමල් විරවංශ මන්ත්‍රිතුමා වාහන අවභාවිතයට සහාය දුන්නා කියන්න එක පෑන් ඉරක සාක්ෂියක් නෑ. නමුත් ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් වාහන අවභාවිතා කල බවට ලිඛිත සාක්ෂි තිබිය දී මේ දෙන්නා අත්අඩංගුවට නොගෙන විමල් විරවංශ මන්ත්‍රිතුමා අත්අඩංගුවට ගත්තේ කුමණ පදනමකින්ද කියලා.

පොලිසිය කිව්වේ අපේ විමර්ශණ තාම ඉවර නෑ. ඉදිරියේ දී ඒ අයවත් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ක්‍රියා කරනවා කියලයි.

මහෙස්ත්‍රත්තුමිය නියෝග කරා අදාල අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නියෝගය දීලා අදට දින 8ක් වෙනවා ආශු මාරසිංහ මන්ත්‍රිතුමාත්, ලසන්ත අලගියවන්න ඇමතිතුමාත් නිදහසේ එළියේ සැරිසරමින්, ඔව් අපි වාහන භාවිතා කරා කියනවා.

මේ පොලිසියට ඒ අය තාම අත්අඩංගුවට ගත්තේ නෑ නෙවෙයි ගන්න බෑ. මොකද ඒ අය කොළ පාටයි. ඒ අය ආණ්ඩුවේ නිසා.

ඉස්සර කිව්වේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කියලා. දැන් ඒක වෙනස් කරන්න වෙනවා උපන්දා සිට කරපු පව් නැත වරක් ගොඩ වුණොත් සිරිකොතේ කියලා. ඒනිසා ආණ්ඩුවට එකතු වුණොත් වැරදිකරුත් නිවැරදිකරු වෙනවා ආණ්ඩුවට එරෙහි වුණොත් නිවැරදිකරුත් වැරදිකරුවෙනවා.

හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය:

මේක දේශපාලන විරුද්දවාදීන්ගෙන් පලිගන්න හදපු හිට්ලර්ගේ ගෙස්ටාපෝ පන්නේ පොලිසිය වගේ තමයි FCID කියන්නේ.

ඒනිසා මොවුන් දේශපාලන විරුද්දවාදීන් නැති චෝදනා හදලා අත්අඩංගුවට ගද්දි චෝදනා වලට පැහැදිලි ලිඛිත සාක්ෂි තිබෙන ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්න වැනි ආණ්ඩුවේ ඉන්න අය නිදහසේ නිදැල්ලේ ඉන්න ඉඩදීලා තියෙනවා.

අද අපි FCID එක ඉදිරිපිටට ආවේ ඒ මහේස්ත්‍රාත්තුමිය දුන්න නියෝගය ඉටු කරන්න තාමත් තමුන්ට බැරි වුණා නේද? ලැජ්ජයිනේද මහත්තයෝ කියලා FCID එකෙන් අහලා යන්න.

නමුත් අපි එනවා කියලා ආරංචි වෙලා. අපිට ලැබුණු තොරතුරු අනුව අද උදේම FCID මහත්වරුන් අධිකරණ නියෝගයක් ගන්න ගිහින් තියෙනවා මේ උද්ඝෝෂණය තහනම් කරන්න කියලා.

වාසනාවකට අධිකරණය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

එන පාරවල් වහලා බාදක දාලා කුළු පොලු හමුදාව ගෙනල්ලා ජල ප්‍රහාරක ගෙනැල්ලා අපි එන එක නතර කරන්න ගන්න පුළුවන් සියළුම උත්සහයාන් දරලා තියෙනවා.

අපි අහන්නේ මේ රටේ ජනතාවට රාජ්‍ය ආයතනයක් ඉදිරියට ගිහිල්ලා සමකාමීව උද්ඝෝෂණය කරන්න බැරිද? මේකද ප්‍රජත්‍රන්තවාදය මේකද යහපාලනය.

හැබැයි මහත්තයෝ ජලප්‍රහාරක යාත්‍රවලට නම් බයවෙන්නේ නෑ. අපි ආවේ සාමකාමිව විරෝධය පලකරන්න අපි ඒක මෙතන කරලා යනවා.

හැබැයි ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගත්තේ නැත්නම් මෙතෙන්ට එන්නත් එපා කියනවා නම් අපි ඊළගට උද්ඝෝෂණය කරන්නේ FCID එකේ ලොකු මහත්වරුන්ගේ ගෙවල් ඉස්සරහ කියන එක අපි FCID නිළධාරින්ට මතක් කරනවා.

නීතිය නවන වැල්ඩින් බාස් :

නීතිය නවන වැල්ඩින් බාස් පොලිස්පතිතුමාටත් අපි කියන්න කැමතියි නීතිය නැමුවට කමක් නෑ ඔබතුමා වැඩිය නැවෙන්න එපා යටට ඇදලා තියෙන කොළපාට ඇඳුම් පෙනේවී මොකද අද FCID එකේ ඉන්නේ කොළපාට ඇඳුම් ඇදලා ඊට උඩින් කාකිසුට් ඇදගත්ත නිලධාරින්.

මේක කෙලින්ම එජාප පොලිසියක් මිසක් ජනතාවට යුක්තිය ඉටුකරන පොලිසියක් නෙවෙයි. ඒ නිසා ආශු මාරසිංහ, ලසන්ත අලගියවන්නයි අත්අඩංගුවට ගන්න තුරු අපේ මේ උද්ඝෝෂණ නතර කරන්නේ නෑ.

මහත්මාගාන්ධිතුමා තමන්ගේ අවිහිංසාවාදි සටනේ දී නිරන්තරයෙන් සිරගත වුණා. එතුමා හැමදාව කිව්වේ මරණයටත් වේදනාවටත් හිරගෙදරටත් බය නැති කෙනෙක් විදිහට මාව නතර කරන්න ඉංග්‍රිසි අධිරාජ්‍යට බෑ කියලා.

අපි හිරගෙවල්වලට, මරණයට බය නෑ. ජනවාරී 07වෙනිදත් අපි පොලිසියෙන් හොදට කැවා. ඒ වෙදනාවන්ට අපි බය නෑ. ඒ නිසා මහත්තයෝ කාකිසූට් පෙන්නලා අපිව බය කරන්න බෑ.

රනිල් මහත්තයෝ අලුත් ක්‍රමයක් හොයා ගන්න පුජිත බිල්ලට අපි බය නෑ. කියලා අපි ආණ්ඩුවට සිහිපත් කරන්න කැමතියි.”

 

Related posts

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

“ජනාධිපති මාමේ.. අවුරුද්දට කලින් අපේ තාත්තා ගෙදර එවන්න” සිරගත රණවිරුවකුගේ දරුවා කරන කාරුණික ආයාචනය

colombotoday

නැගෙනහිර ඡන්දයට හිස්බුල්ලා සහරාන් සමග ගිවිසුමක් ගැහුවා – අසාද් සාලි කියයි

colombotoday

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

අධිකරණයට අපහාස කිරීම : රන්ජන්ට එරෙහි නඩුව විභාග කර අවසන්

colombotoday

IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද

Admin