Colombo Today Local News

“දකුණට සිග්නල් දමා වමට හැරවීම මට සුළු දෙයක්“ – ජනපති ශ්‍රීලනිප ආණ්ඩුවකට අත වනයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ වමට සිග්නල් දමා ගමන් කර, දකුණට හැරවීමට තමාට ගතවූ කාලයට වඩා අඩුවෙන්, දකුණට සිග්නල් දමා වමට හැරවීම තත්ත්පර ගණනකදී කළ හැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් හමුවේ සඳහන් කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමකදී ජනාධිපතිවරයා කළ එම දේශපාලන ඉඟියෙන් පසු එම පක්ෂයේ රජයක් පිහිටුවීම සඳහා පැවති උනන්දුව තවත් ඉහළ ගොස් ඇත.

ඉකුත් ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා තමා දකුණට සිග්නල් දැමීම බුද්ධි අංශවලට පවා දැනගැනීමට නොලැබුණු බවත්, දැන් දකුණට සිග්නල් දමා වමට හැරැවීම බුද්ධි අංශවලට කෙසේවත් දැනගත නොහැකි වන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

අවශ්‍ය අවස්ථාවලදී තමා විසින් නිවැරැදි තීන්දු ගනු ලබන බැවින් තමන්ගේ ස්ථාවරය වෙනස් නොකර පක්ෂයත් සමඟ ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

කොතරම් බාධක ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන එම බාධක මැඬගෙන යන බවත්, පක්ෂයේ බලය තහවුරු කරගැනීමට කවුරුත් සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ කලකිරීමට පත්ව සිටින මැති ඇමැතිවරු පිරිසක්ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා මුණගැසී තමන් රජයේත්, පක්ෂයේත් කටයුතු කිරීමේදී මුහුණපා සිටින තත්ත්වය ගැන ජනාධිපතිවරයා හමුවේ පෞද්ගලිකවම කරුණු සැලකර ඇති බවද දැනගන්නට ඇත.

– මව්බිම

Related posts

කොළඹ මහා විද්‍යාල මාවත මොහොමඩ් මහරූෆ් මාවත ලෙස වෙනස් කිරීමට සැරසෙයි.

colombotoday

වැඩබලන ඇමතිවරු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනියි – අගමැතිගෙන් ජනාධිපතිට ලිපියක්

colombotoday

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

Admin

හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නැහැ – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

Admin

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

Admin