Colombo Today Local News

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

කොටි ත්‍රස්ත සංවිධානයේ මුහුදු කොටි බළකායට අයත් මරාගෙන මැරෙන බොට්ටුවක් මුලතිව් චලෙයි ප්‍රදේශයේදී සොයාගත් බවට යුදහමුදාව පවසයි.

මුලතිව් ධීවරයන් පිරිසක් චලෙයි කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ සැකකටයුතු බොට්ටුවක් දැක ඒ පිළිබඳව මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුදහමුදා බුද්ධිඅංශයට දැනුම් දීමට අනුව එය සොයාගෙන ඇත.

අනතුරුව 68 වන සේනාංකයේ 681 බලසේනාංකයේ 09 වන ජාතික ආරක්ෂ බලමුලුවේ සෙබළුන් හා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී මෙම බෝට්ටුව සොයාගඇත.

සොයාගත් මරාගෙන මැරෙන බොට්ටුව සාමාන්‍ය ධීවර යාත්‍රාවක් ලෙසින් සකසා එහි බඳකොටසේ බෝම්බ සවි කොට එය ආවාරනය කොට තිබෙන අතරම යුද සමයේදී මුහුදු කොටි බලකාය විසින් මෙම මරාගෙන මැරෙන බොට්ටු භාවිතයට ගත් බවට යුදහමුදාව සැකපල කරයි.

Related posts

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

පොතුවිල් විරෝධතා පාගමනට එක වූ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

colombotoday

“ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකළොත් ජනපතිට එරෙහිව ජනබලයක් ගොඩ නගනවා” – රතන හිමි පරල වෙයි

colombotoday

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

75කට වැඩි පිරිසක් හදිසියේ රෝගී වෙයි… ශ්‍රී පාද අධ්‍යාපන පීඨය තාවකාලිකව වසයි !

colombotoday