Colombo Today Local News

කොස් කොළ, ක්‍රෝටන් කොළ කැවීමට පෙර සහල් සදහා පාලන මිල වහා ගැසට් කරනු !

කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන ලෙස පාරිභෝගික අයිතීන් සරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

නිළධාරීන් පාරිභෝගිකයාට කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන්න.

2017 ජනවාරි 20 දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කලේ ආනයනික සහල් රු.76 කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට නොහැකි බවයි. එහෙත් මෙරට නීතියට අනුව පාලන මිල ජනාධිපතිවරයා ප්‍රකාශ කල පමණින් ක්‍රියාත්මක කල නොහැක.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 18 (1) වගන්තිය අනුව අදාල භාණ්ඩය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කළ යුතු අතර එය ගැසට් පත්‍රයේ පල කල යුතුය. එම නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා ඉක්මනින් නීතියක් බවට පත්කල යුතුය.

ජනාධිපතිතුමනි නිළධාරීන් පාරිභෝගිකයාට කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන්න.

මෙයට
රංජිත් විතානගේ – සභාපති

Related posts

අද රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා රට පුරා ක්‍රියාත්මක වන පරිදි ගමන් තහනමක්

colombotoday

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday

ශ්‍රි ලංකාවේ නියෝජිතයන් හරහා ISIS ත්‍රස්තයන්ට සම්බන්ධවූ තරුණියක් ගැන ඉන්දියාව හෙළිකරයි

colombotoday

ලොරි චැසි බස්වලට තිත !

colombotoday

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday