Colombo Today Local News

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් බලය හොබවන සියළු පළාත් සභාවන් ශ්‍රීලනිප මහ ඇමතිවරුන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්විණි.

වත්මන් දේශපාලන තත්ත්වය හා ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා වී ඇත.  රෑ වැටුණු වලේ දවල් වැටීමට තමන් කිසි සේත්ම සූදානම් නැති බවත්, “රට වනසන තීන්දු වලට අත උස්සා පක්ෂයක් ගැන කතා කරන්න එපා. රට ගැන හිතන්න කියල නායකයන්ට කියන්න“ යැයි හිටපු ජනාධිපතිවරයා මහඇමතිවරුන්ට පවසා ඇතැයි පැවසේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානය යොමු වී තිබුණු බවද සදහන් වේ.

මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මහාචාර්ය ජී.එල් පීරිස් බන්දුල ගුණවර්ධන.ගාමිණී ලොකුගේ.මහින්ද යාපා අබේවර්ධන.ජෝන්ස්ට්‍රන් ප්‍රනාන්දු.ප්‍රසන්න රණතුංග මන්ත්‍රී වරුන්ද එක්ව සිටියහ.

ඡයාරූප Breakingnews.lk

Related posts

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කලා අපි රජය භාර දෙනකොට කිසිම මූල්‍ය අර්බුදයක් තිබුනේ නෑ..

colombotoday

ලංකාවේ තෙලේ බැදීම්, කටු ගැසීම්, හූනියම් කලා.. ප්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ එනිසයි – රාජිත

colombotoday