Covid 19

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි : මරණ 8ක්

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.

ඊයේ(27)දින වාර්තා වූ ආසාදිතයින් අතර විදේශවලින් පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7984 කි.

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,856කි.

ඒ, කොරෝනා ආසාදිතයින් 279ක් ඊයේ සුවය ලැබීමත් සමගිනි.

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගියේය.

ඒ, ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගිනි.

මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසයි.

Related posts

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්

colombotoday

ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනෙක්ට කොරෝනා

colombotoday

කොළඹ නැවු තටාකාංගනයේ සේවකයන් 46කට කොරෝනා

colombotoday

නව කොවිඩ් රෝගීන් 2,884 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday